මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්
පේදුරුතුඩුව සහ කට්කෝවලම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මොවුන් පෙරේදා රාත්‍රියේ යාත්‍රා දෙකකින් මෙලෙස මුහුදු ගොස් ඇති බව පොලිසිය සදහන් කළා.
මේ අතර, කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 55 – 65 පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම, කල්පිටිය සිට කොළඹ – ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 යි දශම 5 ත්පමණ ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
