අස්වැසුම වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම් වෙත

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ, වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 625,128 දෙනෙකු සදහා මෙම මස වැඩිහිටි දීමනාව අද (29) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක මුදලක් මෙලෙස බැර කෙරන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියා සිටියේ.

එමෙන්ම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 73,663 දෙනෙකු සදහා මෙම මාසයේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස් හය කෝටි අසූතුන් ලක්ෂ පහළොස්දහසක මුදලක් ද ගිණුම් ගත කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *