ආණමඩුව කොට්ටුකච්චිය පුරාණ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ. – මොහොමබ් ආසික්
“දිට්වා”සුළි කුණාටුවෙන් හානියට පත් ඓතිහාසික සංස්කෘතික උරුමයන් යළි ප්‍රතිසංස්කරණය කිරීම හා සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, කොට්ටුකච්චිය පුරාණ රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා (මැයි 26) ආරම්භ කරනු ලැබීය.

මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සහ මග පෙන්වීමෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය සහිතව, මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවේ.

මෙහි සමාරම්භක අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පර්යේෂණ නිලධාරී (වයඹ) මහාචාර්ය සමිත මානවඩු මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (වයඹ) මහාචාර්ය මංගල කටුගම්පල මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ (සංවර්ධන) ආචාර්ය සුමේධා මාතොට මහත්මිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියදර්ශන උඩුකුඹුර මහතා, සහකාර අධ්‍යක්ෂ (වයඹ) සැනට් කුමාරසිරි මහතා, ආණමඩුව ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව සහභාගී වූහ.
