මෙම මාසයේ අස්වැසුම දීමනාව හෙට බැංකු ගිණුම් වෙත
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ, වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 625,128 දෙනෙකු සදහා මෙම මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තුන්සිය දොළොස් කෝටි පනස් හය ලක්ෂයක මුදලක් හෙට (29) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එමෙන්ම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 73,663 දෙනෙකු සදහා මෙම මාසයේ වැඩිහිටි දීමනාව ලෙස රුපියල් තිස් හය කෝටි අසූතුන් ලක්ෂ පහළොස්දහසක මුදලක් ද ගිණුම් ගත කිරීමට නියමිත බවයි එම මණ්ඩලය සදහන් කළේ.
