ලාෆ්ස් ගෑස් මිල පහළට

ලාෆ්ස් ගෑස් මිල ගණන් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලාෆ්ස් ගෑස් 12.5kg සිලින්ඩරයක මිල රු. 745කින් අඩුකර ඇති අතර රුපියල් 6740ක්ව පැවති එම සිලන්ඩරයක නව මිල රුපියල් 5995ක්.

එමෙන්ම රු. 2720ක්ව පැවති ලාෆ්ස් ගෑස් 5kg සිලින්ඩරයක මිල රුපියල් 2398ක් දක්වා අඩු කර තිබෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ (17) ලාෆ්ස් සමාගමේ සභාපති ඇතුළු නියෝජිතයන් කැඳවා සිදු කළ සාකච්ඡාවේදී කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අද මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල අඩු කිරීම සිදු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *