ලෝක වෙළෙඳපොළේ රන් මිල වසරකට පසු පහළම අගයට

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (18) දිනයේදී 2% කට ආසන්න ප්‍රමාණයකින් පහත වැටී ඇති බව රොයිටස් පුවත් සේවය පවසනවා.

ඒ අනුව රන් මිල සටහන් වී ඇත්තේ 2025 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගය ලෙසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ ඇමරිකාවේ පොලී අනුපාත ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාවන් මෙලෙස රන් මිල පහත වැටීමට හේතු වී ඇති බවයි.

අද දිනයේ ස්පොට් රන් අවුන්සයක මිල 1.9% කින් පහළ ගොස් ඇමරිකානු ඩොලර් 3,777.83 ක් ලෙස සටහන් වූ අතර, දෙසැම්බර් මාසය සඳහා වන ඇමරිකානු රන් අනාගත ගිවිසුම් මිල 2.2% කින් පහත වැටී ඩොලර් 3,779.50 ක් ලෙස සටහන් වුණා.

මේ අතර, ඉදිරි මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඉඟි ලබා ගැනීම සඳහා ආයෝජකයින් ඇමරිකානු ෆෙඩරල් මහ බැංකු රැස්වීමේ වාර්තා නිකුත් වන තෙක් අවධානයෙන් පසුවන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *