ලෝක යුද රණවිරු දිනය නිමිත්තෙන් වරකාපොළ සිට කතරගම කිරිවෙහෙර දක්වා පා ගමනක්! – වසන්ත රෝහණ සමරවර්ධන

ලෝක යුද හමුදා රණවිරු දිනය යෙදෙන නොවැම්බර් 8 වෙනි දින ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සභාපති කර්නල් සියඹලාපිටිය මහතාගේ උපදෙස් මත වරකාපොළ නගරයේ සිට කතරගම කිරිවෙහෙර සෑරදුන් දක්වා පා ගමනින් ගමන් කිරීමට වරකාපොළ පදිංචි ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමයේ සාමාජික විශ්‍රාමික කෝප්‍රල් පතිරණ ඩී.පී.පී. මහතා ඉදිරිපත්ව ඇත.

 

මෙම නව ලෝක වාර්තාව ශ්‍රී ලංකාවේ ලෝක වාර්තා පිළිබඳව තහවුරු කිරීම සිදුකරන සෙරන්ඩිබ් ලෝක වර්තා සංවිධානයද නිල වශයෙන් පිළිගෙන සහතික පත්‍රයක්ද නිකුත් කර ඇත. මෙවර වරකාපොළ නගරයේ සිට කතරගම කිරිවෙහෙර සෑරදුන් දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 225කි. මෙවරද පා ගමනින් ගමන් කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව පතිරණ මහතා පවසයි. මෙම පාද චරිකාවේ කාල ගණනය සිදු කිරීම කරනු ලබන්නේ සබරගමුව පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි.

 

මොහු 2025 වර්ෂයේදී ද ශ්‍රී ලංකා යුද හමුදා රණවිරු දිනය සමරමින් වරකාපොළ සිට දඹාන ගුරුකුඹුර ආදිවාසී ලෝක උරුම බෞද්ධ මධ්‍යස්ථානය දක්වා කිලෝමීටර් 160 ක් පැය 76 කින් පාගමනින් ගමන් කොට ලෝක වාර්තාවක් තැබීමට සමත් වී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *