දිස්ත්‍රික්ක 22කට ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද(04) පෙරවරු 11.51ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 1දක්වා වලංගු වෙයි.
ඒ අනුව,දිස්ත්‍රික්ක 22 සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව, අද පස්වරු 1න් පසු අනුරාධපුර, අම්පාර, කළුතර,කෑගල්ල,කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය,පුත්තලම, පොලොන්නරුව, බදුල්ල, මන්නාරම, මහනුවර, මාතලේ, මාතර, මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
මීට අමතරව මොනරාගල, රත්නපුර, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික් සඳහා ද එම නිවේදනය බලපැවැත්වෙනු ඇති බව සඳහන් වෙයි.
වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
