දැරණියගල සිට කටුලන්ද ප්‍රදේශය දක්වා දැරණියගල ඩිපෝව විසින් ධාවනය කරනු ලබන බස් රථය කලක පටන් නවතා දමා ඇති බවට චෝදනා කරමින් කටුලන්ද ගම්වාසීන් පිරිසක් අද දින(4) දැරණියගල දෙහිඕවිට මාර්ගයේ දැරණියගල ලංගම ඩිපෝව ඉදිරිපිට විරෝධතාවයක් පල කලහ.ජනතාව ඉල්ලා සිටියේ එම බස් රථය නැවත තම ගම්මානය වෙත ධාවනය කරන ලෙසයි.