ලෝක ජනාවාස දිනයට සමගාමීව බියගම ඉදි වූ නිවාස 03ක් ප්‍රතිලාභීන්ට පවරා දෙයි!

රජය විසින් ලබා දෙන රුපියල් මිලියනයේ නිවාස ආධාර යටතේ, අදාළ නියාමනයන්ට අනුකූලව තෝරාගනු ලැබූ බියගම ගෝනවල මධ්‍යම ග්‍රාම නිලධාරී වසමේ ඉදි වූ නිවාස 03ක් ප්‍රතිලාභීන්ට පවරා දීම වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරිණි.

ලෝක ජනාවාස දිනයේ මෙවර තේමාව වන්නේ සැමට සුදුසු නිවාස යන්නයි. ජීවත් වීමට ප්‍රමාණවත් නිවාස නොමැති වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ලොව පුරා බිලියන 2.8 ක පමණ ජනතාව මුහුණ දී සිටින ගෝලීය නිවාස අර්බුදයට විසඳුම් ලබා දීම මෙහි අරමුණයි.

බියගම මැතිවරණ කොට්ඨාසය සඳහා 2026 වසරේදී නිවාස 40කට මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු අතර, අද අරලියගහ මන්දිරයේදී පැවති ජාතික වැඩසටහනේදී තවත් නිවාස 5ක් සඳහා පළමු වාරිකය, ප්‍රතිලාභීන් වෙත අගමැතිනිය අතින් ප්‍රධානය කෙරිණි.

මේ වන විට නිවාස 30ක් ඉදිකර ප්‍රතිලාභීන්ට ලබා දී තිබෙන අතර, ඉතිරි නිවාස වල ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතී.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංජිත්  ඥානරත්න සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සහභාගී වූහ.

END/GONP/MMP/05102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *