රිලවුන් නිසා උද්ඝෝෂණයක් – වසන්ත රෝහණ සමරවර්ධන

කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලවුන්ගෙන් ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සදහා විශාල බලපෑමක් එල්ලවන බවත්,ඒ සදහා බලදාරීන් කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් උත්ඝෝණයක් මෙම මස 12 දින කෑගල්ල නගරයේදී පැවැත්වීමට රිලවුන්ගෙන් පීඩා විදින ජනතා සන්විධානය (කෑගල්ල ) තීරණය කර තිබෙයි.ඒ නිමිත්තෙන් මාධ්‍ය දැනුවත් (5)කිරීමක් කෑගල්ලේ දී පැවැත්විනි.

ඒ නිමිත්තෙන් එම සංවිධානයේ ස සභාපති ඥානතිලක බණ්ඩාර මහතා
කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් සියයට හැත්තෑවකට පමණ මෙම රිළා උවදුර බලපානවා .වගාවට කෘෂිකාර්මික අංශයෙන් ගත් කල වී වගාවට, පලතුරු වගාවට ,එළවළු වගාවට දැඩිව හානි සිදු කරනවා . ගෘහ ආශ්‍රිතව හරිතාගාරවල එළවළු හැදුවත් ඒවත් ඉරාගෙන මුන් විනාශ කරනවා .මේ මේ සම්බන්ධව පැවති හා පවතින සියලු රජයන් අපි දැනුවත් කළා නමුත් මේ රජයත් නිහඬ ප්‍රතිපත්තියක් එහිදී අනුගමනය කරන්නේ .පසුගිදා සංගණනය පැවැත්තුවා පමණයි.ප්‍රතිඵල මොකුත් නෑ. .රිලංගෙන් වන හානිය මේ වනවිටිත් ඊටත් වඩා කීප ආකාරයෙන් රිළා ගහනය වැඩිවෙලා තියෙනවා.
අදාල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා අපි සියලු දෙනාම එකතු වී සියලු දෙනා එකතු වී දැවැන්ත උද්ඝෝෂණයක් මෙම මස 12 වන දිනය කෑගල්ල නගරයේදී පස්වරු 2 ට පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. මේ සඳහා රිලවුන්ගෙන් පීඩා විඳින සියලු දෙනාටම අපි ආරාධනා කරනවා එදාට සහභාගි වෙන්න කියලා .

මෙහිදී අදහස් දැක්වූ මෙම සංවිධානයේ භාණ්ඩගාරික සුමුදුු දිසානායක මහත්මිය
අද අපිට ගේක දොරක ජනේලයක් ඇරලා තියන්න බෑ. ගෙවල්වලට රිලව් පනිනවා .බත් මුට්ටි පවා උස්සගෙන යනවා .ගෙවල් ඇතුලේ ජරා කරනවා .ඒ වගේම පොඩි දරුවෙක් වුණත් ගෙදරක තියන්න බයයි. රිලව් හපනවා .වහල්වල් විනාශ කරලා.ගෙවල් වැස්සට තිබෙනවා .විශාල කරදරයක් විනාසයක් මේ රිලව් විසින් අපිට කරන්නේ .අපි මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කරත් කිසිම පියවරක් මේ වෙනකන් අරන් නෑ .ගන්න පාටකුත් පේන්නේ නෑ .එම නිසා බලධාරීන්ගේ ඇස් අරවන්න මේ මාසේමාසෙ 22 පස්සරුවේ කෑගල්ලේ මාර්කට් එක අසලදී විශාල උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරනවා මේ සඳහා අපි දිස්ත්‍රික්කයේ සියලු දෙනාටම මේ සඳහා ආරාධනා කරලා තියෙන්නේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *