පේරාදෙණිය සිට අලුයම 4.40 ට මරදාන බලා ධාවනය වෙමින් තිබූ අංක 1038 සීඝ්‍රගාමී දුම්රිය, පීලි පැනීයි – වසන්ත රෝහණ සමරවර්ධන
පේරාදෙණිය සිට අලුයම 4.40 ට මරදාන බලා ධාවනය වෙමින් තිබූ අංක 1038 සීඝ්‍රගාමී දුම්රිය, කඩිගමුව සහ ඉහළකෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී (5 දින) පීලි පැනීමකට ලක්ව තිබේ.
4 වන දින රාත්‍රියේ පැවති වර්ෂාවත් සමඟ හදිසියේ ගල් හා පස් දුම්රිය මාර්ගයට වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙයි.
අනතුරෙන් දුම්රියේ ගමන් කළ කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති අතර දුම්රිය එන්ජිමට හානි සිදු වී තිබියි.
දුම්රිය මාර්ගය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම සඳහා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු සිදු කරමින් පවතී.
මෙම ස්ථානය මින් පෙර නාය යෑමකට ලක්වූ හෝ එවැනි අවදානමක් වාර්තා වූ ස්ථානයකි.
