බද්දේගම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මරුට තවත් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල – දමිත් සඳනුවන් කීර්ති

බද්දේගම පොලිස් බලප්‍රදේශයේ හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු එම අවස්ථාවේදී මරණයට පත්ව තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ ඇත.

මෙම වෙඩි ප්‍රහාරය බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණ පුද්ගලයෙකු විසින් එම අවස්ථාවේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටී පිරිසක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ලා කර ඇත එහිදී ත්‍රීරෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.

එහිදී වෙඩික්කරුවන් විසින් එම ත්‍රීරෝද රථයේ පිටුපස සිටී තවත් කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඇත.

එහිදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිස් ස්ථානය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *