කරාපිටිය ජාතික රෝහලට රෝගීන් බලන්න එන රෝගීන්ගේ ඥාතීන්ගේ ත්‍රීරෝද උස්සා මස් කරන කල්ලියක් අත්අඩංගුවට – දමිත් සඳනුවන් කීර්ති
ගාල්ල කරාපිටිය ජාතික රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන රෝගීන්ගේ ඥාතීන්ට අයත් ත්‍රීරෝද රථ සොරාගෙන ගොස් උපංග,වර්ණ වෙනස් කළ විකිණීමේ ජාවාරමේ නිරත වූ ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙසේ සොරාගත් ත්‍රීරෝද රථ තුනක් සමඟ අත්අඩංගුවට ගෙන ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 05 දිනය දක්වා මෙම සැකකරුවෝ දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ගාල්ල පොලිස් ස්ථානයේ පොලිස් අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මෙම මංකොල්ලකරුවන් විසින් පසුගිය දිනක ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ගාල්ල දෙවට ප්‍රදේශයේ සිට පැමිණි මුස්ලිම් ජතිකයෙකුට අයත් ත්‍රීරෝද රථයක් සහ ඊට දින කිහිපයකට පසුව යක්කලමුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් කලු පැහැති ත්‍රීරෝද රථයක්ද,අකුරැස්ස ප්‍රදේශයේ සිට පැමිණි ත්‍රීරෝද රථයක්ද මෙසේ මෙම රෝහල අසල නවතා තිබියේදී මෙම මංකොල්ලකරුවන් විසින් සොරාගෙන ගොස් ඇත.
ඊට පසුව මෙම ත්‍රීරෝද රථ හිමිකරුවන් විසින් සිය ත්‍රීරෝද රථ සොර ගැනීම ගැන ගාල්ල පොලිස් ස්ථානය ඇතුළු අවට පොලිස් ස්ථාන දැනුවත් කළ තිබිණි.පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලද ගාල්ල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ත්‍රීරෝද සොරා ගත් ප්‍රදේශ වල සී.සී.ටී.වී දර්ශන ඇතුළු විවිධ තොරතුරු මත දින කිහිපයක් තිස්සේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව මෙසේ සොරාගත් ත්‍රීරෝද රථ තුනක් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් අනුරාධපුර මරදන්කඩවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී මෙම සැකකරුවෝ සොරාගෙන ගිය ත්‍රීරෝද දෙකක්ද,අනිත් ත්‍රීරෝද රථය සපුගස්කන්ද ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.
මෙම පොලිස් කණ්ඩායම මෙම සැකකරුවෝ දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් මෙසේ සොරාගත් ත්‍රීරෝද රථ වල වර්ණය වෙනස් කර.අමතර උපාංග සහ ටයර් මාරු කළ තිබී ඇති අතර .පසුව ඉතා අඩු මුදලකට මෙම ත්‍රීරෝද රථ විකුණා පසුව මෙම ත්‍රීරෝද රථවල ලියාපදිංචි පොත් පසුව ගෙනවිත් දෙන බව පවසා මුදල් අරගන්නා බව මෙම සැකකරුවන්ගෙන් කරනා ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත.
මෙම අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා වයස අවුරුදු 41 සහ 53 යක වයස් වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන අතර .ඉන් ප්‍රධාන සැකකරුවෙක් මීට පෙර ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස කටයුතු කළ ඇති අතර එම චෝදනවා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ මෙසේ මෙම ජාවාරමේ නිරතව ඇත.
ගාල්ල දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර,ගාල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ගාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයවීර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම විමර්ශන එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දීප්ති ආනන්ද,උප පොලිස් පරීක්ෂක හසන්ත,පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රසේන (7964)පුෂ්පකුමාර (44500)පොලිස් සැරයන් විජේතුංග (105963) යන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම විමර්ශනයකට සම්බන්ධ වී ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවෝ සහ ත්‍රීරෝද රථ වැඩිදුර පරීක්ෂණ වලින් පසුව පසුව 23 දික ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ සැකකරුවෝ ලබන මස 5 දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ ඇත.
