ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරිනියන්ට සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමක් ගාල්ලේදී – දමිත් සඳනුවන් කීර්ති
ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් නිළධාරීනියන් සහ රාජ්‍ය නීළධාරීන් සඳහා කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ දෙන සයිබර් ප්‍රචාණ්ඩත්වය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් (25දා) ගාල්ල හසාරා හෝටලයේදී පවත්වන ලදී.
පොලිස් නිළධාරීන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම පුහුණු වැඩසටහන ගාල්ල ගැමි කාන්තා පෙරමුණ මගින් සංවිධානය කළ තිබිණි.

මෙම වැඩසටහනට, .ගාල්ල හිනිදුම,උඩුගම,හබරාදුව,යක්කලමුල්ල රත්ගම,හික්කඩුව,අක්මීමණ,පොද්දල,ඉමදුව,අහංගම,වරාය, නෙළුව,ඹිපාත, ගොනපිනුවල,වඳුරඹ,නාගොඩ,යන පොලිස් ස්ථාන වල ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයේ නිළධාරීන් 44ක පිරිසක් සහභාගි විය.
මෙහිදී නීතිඥ රදිකා ගුණරත්න මහත්මිය විසින් මෙම පුහුණු වැඩසටහනේ මෙහෙයවීය.
මෙම අවස්ථාවට ගාල්ල ගැමි කාන්තා පෙරමුණේ විධායක අධ්‍යක්ෂ ශ්‍රියානි පතිරගේ මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ මෙම වැඩසටහන සඳහා ඇලීනියා ඉන්ටර්නැෂනල් (Pathways to peace)මගින් මෙම මුල්‍ය දායකත්වය සපයා තිබිණි.
