නුවරඑළියේ නව ළමා සංවර්ධන හා සුරැකුම් මධ්‍යස්ථානයක ඉදිකිරීම් ඇරඹෙයි!
නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන නව ළමා සංවර්ධන සහ සුරැකුම් මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි.
රුපියල් මිලියන 94ක මූල්‍ය ප්‍රතිපාදන යटතේ ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානයට සමගාමීව, එහි ප්‍රධාන ශ්‍රවණාගාරය නවීකරණය කර පුළුල් කිරීමට ද සැලසුම් කර ඇත. අදාළ සමස්ත ඉදිකිරීම් කටයුතු මාස 10ක් තුළ අවසන් කිරීමට නියමිතය.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා, නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අසේල පෙරේරා මහතා යන අය මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
