ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදු කළ කතාව

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත් සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද උදෑසන නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අද සවස අපි සාකච්ඡාවක් යොදාගෙන තිබියදීයි. ඒ නිවේදනයේදී ඔබගේ ස්ථාවරය ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා ඔබ මෙතෙන්ට පැමිණෙන්නේ යම් ස්ථාවරයක සිටයි. හැබැයි මම මෙහි පැමිණෙන්න උත්සාහ කළේ විවෘත මනසකින්. විවෘත මනසකින් පැමිණීමයි මගේ අභිප්‍රාය බවට පත් වුණේ.

මම හිතනවා කෙසේ වෙතත් අපේ රටේ සාකච්ඡාවකින් පසු ඕනෑම දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදීඋදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුවහරයඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමාලාට ඒ අයිතියපූර්ණ අයිතිය තියෙන ගමන්ම තමයි මම මේ ඉදිරිපත් කිරීම සිදු කරන්නේ.

ඊළඟට අපේ සභාපතිතුමා කරුණු ඉදිරිපත් කරනකොට කිව්වාඑතුමා පුද්ගලිකවමම කිසිසේත්ම ඔබතුමා පුද්ගලයෙක් ලෙස සලකන්නේ නැහැ. ඔබතුමා නියෝජනය කරන නීතිඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මම ඒ අදහස භාරගන්නේ. කිසිසේත්ම ඔබතුමාගේ පුද්ගලික අදහස ලෙස පිළිගන්නේ නැහැ.

දෙවෙනුවඔබතුමාට කියන්න පුළුවන් මේක නීතිඥවරුන්ගේ සමස්තය කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවෙයිතව කෙනෙකුට කියන්න පුළුවන් බහුතරයතව කෙනෙකුට කියන්න පුළුවන් සුළුතරය. ඒක විවෘතයි. ඒක අපි හැමකෙනාටම විවාදසම්පන්න කාරණයක්. මේ සමස්තයදබහුතරයදසුළුතරයද කියන එක විවාදසම්පන්න කාරණයක්. ඒ පිළිබඳව අපි හරියටම නිගමනයකට එන්න අවශ්‍ය නැහැ කියලා මම හිතනවා.

තුන්වෙනුව මගේ ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි කරන්න උපයෝගී කරගන්නේ නැහැ.

ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම. ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න වුණාඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්තියි. මම මේවාවල වාඩිවෙන්න බලාගෙන ආපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. මම හිතන්නේ නැහැ අවදානමකින් තොරව වෙනසක් සිදු වේවි කියලා. වෙනසක් හැමවිටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන.

හොඳම උදාහරණය කිව්වොත්පාස්කු පරීක්ෂණය. පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශයට. මගේ ආරක්ෂාවට වගකියන්නෙත් ඔවුන්. හැබැයි මම පරීක්ෂණයට යනවා. ඒ තුළ ජීවිත අවදානමක් පවතින බව මා දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව වෙනුවෙන් මම අවදානම ගන්න සූදානම්. ඒ අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම්ඒවා ඉතා හොඳින් භාරගෙන මම පිටත් වෙලා යන්න ලෑස්තියි. ඒකට මම සූදානම්.

ඊළඟට මතු වුණු කරුණු ගත්තාමඔබතුමිය මතු කරපුවරප්‍රසාද කියන ප්‍රශ්නය. වරප්‍රසාදය කියන එකේ සීමාව කොතනදතමන් විසින්ම තෝරාගත්තු කෙනෙක් අනාගතයේ අගවිනිසුරු පුටුවේ වාඩිවෙන්න ඕන කියලා පෙළගැස්වීම වරප්‍රසාදයක් නොවෙන්නේ කෙසේදඑහෙම කරපු ඉතිහාසයක් තිබුණේ. තමන්ම තෝරාගන්නවා කෙනෙක්එයා කොහොමද මුල් පිටුවට ගෙනියන්නේඑතකොට ඒවා තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාද. තව කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන්ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ප්‍රමාණය 11 ඉඳන් 17 දක්වා වැඩි කරනවාඅභියාචනාධිකරණයේ 12 ඉඳන් 20 දක්වා වැඩි කරනවාඒ නිසා තමන්ම තෝරාගත්තු කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන්වීම සහ අභියාචනාධිකරණයට ගෙන්වීම ඉලක්ක කරගෙන මේක කළා කියලා.

ඒ නිසා මම හිතනවා අපි අධිකරණ ක්ෂේත්‍රයේ ඇතිකරන හැම වෙනසක්ම වරප්‍රසාදයක් හෝ තව කෙනෙකුට කරන අනිසි බලපෑමක් ලෙස අර්ථකථනය කළ හැකියි. එහෙම නොවෙන කිසිවක් නැති වෙයි කියලා මම විශ්වාස කරනවා.

මෑත කාලයේ සිද්ධ වූ වෙනස්කම් ටික බැලුවොත්,  11 ඉඳන් 17 දක්වා වැඩි කරන කොට එතන අර්ථකථනය කරන්න පුළුවන්නේමේ තමන් තෝරාගත්තු හයදෙනෙක් ඉන්නවාඒ හයදෙනා ගෙන්න තමයි මේක හදලා තියෙන්නේ කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළේ කරන ඕනෑම වෙනස්කමක්ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්.

ඉතින් මම උපරිම උත්සාහ කළා මේක තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත්තු වරප්‍රසාදයක් නොවෙන විදිහට කරන්නේ කොහොමද කියන එකට. ඒ නිසා මේක වරප්‍රසාදයක් ලෙස මා සලකන්නේ නැහැ. මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්වය තව තත්වයකට ගෙනියන්න. මේක අධිකරණ පද්ධතියම තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තනය කිරීමක්. ඒක කෙනෙක් ඉලක්ක කරගත් වරප්‍රසාදයක් ලෙස මා සලකන්නේ නැහැ.

ඊට පස්සේ එනවාඇයි එහෙමනම් තව අය ගියාඒ අයට කලින් කරන්න තිබුණා නේදනෑමේක කරන ඕනෑම මොහොතකදී ඊට පෙරදින කෙනෙකුත් විශ්‍රාම යන්න පුළුවන්. මේක කළාට පසුව තව කෙනෙකුට මේ වාසිය ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක කවදාවත් සිද්ධ වෙන එකකුත් නෙවෙයි. ඒ නිසා මොකද මේක කොයි වෙලාවක හරි කරනවා නම්ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම ගිහිල්ලා තිබෙනවා. ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම වයසට ආසන්න වෙලා තිබෙනවා. ඒක මේ අධිකරණ පද්ධතියේ ඕනෑම මොහොතක පවතින එකක්. ඒ නිසා ඒක අර අනිසි වරප්‍රසාදයක් ලෙස මා අර්ථකථනය කරන්නේ නැහැකණ්ඩායමකට අනිසි බලපෑමක් ලෙස මා අර්ථකථනය කරන්නේ නැහැ.

ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරවීම පිළිබඳ ප්‍රශ්නයමා ඒක මාසයක් විතර ඇතුළත අවසන් කරනවා. එක නිශ්චිත කරුණක් මතමයි. ඒක මා ඔබට ඒ කියන්නම්. ඉතා පැහැදිලි කරගන්න. පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙනවා චෝදනා 23,000ක් තියෙනවා. සාක්ෂිකරුවන් 3,000ක් ඉන්නවා. ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝජනය කරන්නේ අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුවරුයි. එතකොට ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟ අභියාචනාධිකරණයට යාමේ අවස්ථාව තිබෙන්නේ.

මම හොයලා බලපුවහාම ඒ නඩුව අවසන් අදියරේ තියෙන්නේ. ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් බලන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක්. ඒ නිසා මගේ අපේක්ෂාවක් තිබුණා එතුමාව අපි අභියාචනාධිකරණයට පත් කරන්න ඕන.

ඔබතුමාලා දන්නවා එහෙමනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමාව පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම. එතුමා විශේෂ නඩුවක වාඩිවීම එතුමාට අසාධාරණයට ලක්වීමේ කරුණක්ද කියලා මම කල්පනා කළා. අන්න ඒක තමයි බලපෑම.

ඊළඟට ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම ඇති නොවෙන්නේ කියලා. මම ඒකත් ගෙනල්ලා බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූලව අඩුවෙමින් තිබෙනවාඅභියාචනාධිකරණයේ තමයි ගැටලුව මතු වෙලා තියෙන්නේඒ දෙක අතර සංසන්දනය කරලා බැලුවොත්. ඒ නිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක්අභියාචනාධිකරණය හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම නුසුදුසුයි කියලා මම කල්පනා කරනවා.

ඒ නිසා මම ඉතා අවංකව කියන්නේකිසිදු පුද්ගලයෙක් දිහා බලගෙනපුද්ගලයෙක්ගේ සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවෙයි. මේ පුරප්පාඩු තිබුණේ සමාජයේ විශාල අවධානයට යොමු වූපාස්කු නඩුව අවසන් වන තෙක්. අදත් වාර්තා වෙලා තිබුණාඉතා ඉක්මනින් මේක අවසන් කළ හැකියි කියලා. එතකොට ඒ සාධාරණත්වය ඉටුකිරීමේ අරමුණ විතරයි මට තිබුණේ. ඒ නිසා මම හිතනවා ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව තියෙන හොඳම උදාහරණය කියලා. යුක්තිය පිළිබඳව අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සහතිකය කියලා මම හිතනවා. මට ඕන නම් පාස්කු නඩුව කඩා වැටෙන්න දීලා දාන්න තිබුණා. චෝදනා 23,000යිසාක්ෂිකරුවන් 3,000යි. මේ නඩුව කවුද ඇවිල්ලා ආයේ අහන්නේකවදද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ටඒක තමයි ඒ පිළිබඳව තිබුණේ.

නමුත් එහිදී යම් කෙනෙකුට සාධාරණයක් ඉටුකිරීම වෙනුවෙන් යම් අයට අසාධාරණයක් සිදුවුණු බව මා දන්නවා. ඒ නිසා ඒක සාපේක්ෂයි. එයාගේ අසාධාරණය පිළිඅරගෙන අනෙක් අයට සාධාරණය ඉටු කරලා තිබුණාදඒක සාපේක්ෂයිනේ. හැබැයි අභියාචනාධිකරණයේ තමයි ගැටලුව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා. ඒක මම කල්පනා කළා. ඒක තමයි ඔය පත්වීම් පිළිබඳව මගේ තියෙන අදහස.

මේක තමයිඅපේ මූලධර්ම සහ ප්‍රතිපත්තිය. එතකොට ඔබතුමාලාගේ ප්‍රශ්න මම පිළිගන්නවා. යුක්තිය ඉටු වෙන්න ඕනකම තියෙන්නේ නඩුව පවරලා නඩුව ඉක්මනින් විභාග කිරීමදනඩුව පැවරීම දක්වා එන ගමනදඔබතුමා සඳහන් කළ පරිදි ඒකත් වැදගත්. එහෙනම් පළමුකොටම අපේ විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් වෙන්න ඕනේ. අද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තිබෙන්නේ කොළඹ එක තැනක විතරයි. ඕන තැනක සිද්ධ වෙන අල්ලස් චෝදනාවක් මෙතෙන්ට අරගෙන එන්න ඕන. මා අපේක්ෂා කරනවා අල්ලස් කොමිසමේ ශාඛා කාර්යාල 24ක් රට පුරා අරින්න. ඒකට නිලධාරීන් 373දෙනෙකු බඳවාගන්න දැන් අවසර ලබා දී තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවයේ වැටුප් තලයට වඩා ඉහළ වැටුප් තලයක එම විමර්ශන නිලධාරීන් පත් කරන්න මම කළමනාකරණ දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරලා අවසර ලබා දුන්නා. මෙම විමර්ශන නිලධාරීන් හොඳ වැටුප් තලයක තැබිය යුතුයි. මොකද විමර්ශන සඳහා අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕන. අපි ඒක පිළිගන්නවා.

ඊළඟටශ්‍රී ලංකා පොලීසිය. පොලීසියේ කාඩර් එක 102,000ක්. එහෙත් අද පොලීසියේ ඉන්නේ 72,000යි. ඒකෙනුත් 4,000කට ආසන්න ප්‍රමාණයක් මෙඩිකල් දාලා යුනිෆෝම් රාජකාරිවල යෙදෙන්නේ නැතුව ඉන්නවා. එතකොට 102,000න් වැඩ කරන්නේ 68,000යි. මේකෙන් තමයි අපි මේ පරීක්ෂණවිමර්ශන ගැන කාර්යභාරය ඉටු කරන්න අපේක්ෂා කරන්නේ.

ලංකාවේ රාජකාරි වේලාවේදී වැඩිපුරම මියගොස් තිබෙන්නේ පොලිස් නිලධාරීන්. පසුගිය වසරේ රාජකාරි වේලාවේදී පොලිස් නිලධාරීන් 1100ක් මියගොස් තිබෙනවා. ඔවුන් පැය 18 – 20 වැඩ කරනවා. ඒ නිසාම පොලීසියට අලුතින් 10,000ක් බඳවා ගන්නඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ යුනිෆෝම් එක පවා වෙනස් කරන්නඔවුන්ට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබා දෙන්න අපි කටයුතු කරමින් තිබෙනවා. මොකද විමර්ශනය ශක්තිමත් කිරීම අපිට අවශ්‍යයි. මම දැකලා තියෙනවා විමර්ශන සඳහා විශාල කාලයක් යනවා. මොකද මේ ඇවිල්ලා තියෙන පැමිණිලි ප්‍රමාණයවිමර්ශනය කරන්න පිරිස නැහැඒ නිසා අපි විමර්ශන ආයතන ශක්තිමත් කරනවා.

ඊළඟට විමර්ශනය සඳහා සහාය දෙන්න සහ නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ යුතුයි. ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් තියෙනවා. දක්ෂඅත්දැකීම් සහිත නීති නිලධාරීන් දාලා යනවා. අපි දැනට 50ක් බඳවා ගන්න අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ උසස්වීම් ක්‍රියාවලියේ තියෙනවා දෝෂයක්. මේ උසස්වීම් ක්‍රියාවලිය වෙනස් කරන්න අපේ ඇමතිතුමා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම ඔවුන්ට යම් දීමනාවන්විශේෂයෙන්ම සමාගම් නඩු කරපුවාම ඔවුන්ට දීමනාවක් ලැබෙනවාඒ දීමනාව වැඩි කරන්න ඕන කියලා මම තීරණයක ඉන්නවා. ඔවුන් ඉතාමත් හොඳ වැටුප් තලයක තියන්නේ නැතුව හොඳ නීති නිලධාරියෙක් අපිට නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් හදාගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට ඒකටත් අවධානය යොමු කරලා තියෙනවා.

ඒ වගේම අධිකරණයට එන්න පෙර පූර්ව වැඩකටයුතු ටික සූදානම් කරනවා. මම විශ්වාස කරනවා අධිකරණයේදී මේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාදයි කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනය සිදු විය යුතුව තිබුණේ 20වෙනි සංශෝධනයට සමාන්තරව කියලා මම හිතනවා. 20වෙනි සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කරනකොටඅභියාචනාධිකරණයේ විනිසුරුවන් ප්‍රමාණය 12 සිට 20 දක්වා වැඩි කරනකොටශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් හයදෙනාම අපි අභියාචනාධිකරණයෙන් පත් වුණා කියලා උපකල්පනය කළොත්අභියාචනාධිකරණයේ හිස්තැන් 06ක් ඇති වෙනවා. අලුතින් ඇති වුණු අටක් තියෙනවා12 සිට 20 නිසා. මේක 14ක්. එතකොට අභියාචනාධිකරණයේ හිටියේ 12යි. හැබැයි අභියාචනාධිකරණයේ 12 වගේ ඊටත් වඩා වැඩි ගුණයක්14 දෙනෙක්මම නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් වෙනවා කියන එක පැත්තකින් තිබ්බොත් උපකල්පනය කරමු14දෙනෙක්ම අභියාචනාධිකරණයට පත් වෙනවා.

අභියාචනාධිකරණයේ දොළොස් දෙනයි හිටියේදොළොස් දෙනාගෙන් හයදෙනෙක් ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයටඑතන ඉතුරු වෙන්නේ හයදෙනයි. 20 දෙනා බවට පත්වෙන්න 14 දෙනෙක් අලුතෙන් පත්වෙන්න ඕන. මම හිතනවා ඒ වෙලාවේදී මේ සංශෝධනය විය යුතු එකක් කියලා. ඒ වෙලාවේ තමයි අත්දැකීම් සහිත කණ්ඩායම රඳවාගෙන මේ වැඩි කිරීම කරන්න තිබුණේ කියලා හිතනවා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැඒක පසුගිය එකක්.

ඒ නිසා අධිකරණ පද්ධතියේ යම් අත්දැකීම් සහිතඔබතුමා කියන එක හරි. 65ද60දසමහර අය නඩු තීන්දු ලියන්නෙඔක්කොම මම පිළිගන්නවා. හැබැයි ලියන කෙනා තෝරලා විතරක් මේක දෙන්න බැහැනේ. ඒක තමයි අනිසි වරප්‍රසාදයඅනිසි මැදිහත්වීම. නඩු තීන්දුවක් නිසි පරිදි ලියන කෙනා තෝරලා ලබා දෙනවා නම්ඒක තෝරන්නේ කවුදඒ තෝරන කෙනා මත ඒක රඳා පවතිනවද නැද්දඒ නිසා මම කල්පනා කරන්නේ නැහැ මේක කළේ පක්ෂපාතීත්වය මත කියලා. ඔබතුමාට මම පක්ෂපාතියි. මොකක් හරි ඇගයීම් ක්‍රමයක් බලලාඒ ඇගයීම් ක්‍රමය අනුව මේක දෙන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. හැබැයි ඒ ඇගයීම් ක්‍රමයෙන් කිසිසේත්ම ස්වාධීනත්වය ආරක්ෂා වෙයි කියලා මම හිතන්නේ නැහැ.

ඒ නිසා තමයි කල්පනා කළේ මුළු පද්ධතියේම ඇති කරන වෙනසකින් තමයි මේ තත්වය ඇතිකරන්න ඕන කියලා.එතකොට එහෙනම් නඩු ඉක්මන් වෙනවාද කියන ප්‍රශ්නයඒකනේ තියෙන්නේ. ඊළඟ අභියාචනාධිකරණය. මා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් වැඩි කරන්නේ නැහැ. හැබැයි අභියාචනාධිකරණයේ විනිසුරුවන් ගාණ වැඩි කරනවා. දැනටමත් ව්‍යවස්ථාවේ අවස්ථාවක් තිබෙනවා අභියාචනාධිකරණ පළාත් මට්ටමින් සිට් කරන්න පුළුවන් කියලා. නැත්නම් අභියාචනාධිකරණ බලය බෙදෙන්නේ නැහැඅභියාචනාධිකරණය කේන්ද්‍රීය වශයෙන් තිබිලා අවුරුදු කිහිපයට සිට් කරන්න පුළුවන් පළාත් මට්ටමින්. ඒක ක්‍රියාත්මක කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ටික අපි හදලා දෙන්න ඕන.

එතකොට ඒකට අවශ්‍ය හතරදෙනෙක් වැඩි කිරීම මම ඇතුළු කරලා තියෙනවා. ඒ හතරදෙනා වැඩි කරන්නේ අර අභියාචනාධිකරණය කොහෙ හරි සිට් කරන්න තීරණය කළොත්ඒකට අවශ්‍ය වෙන විනිසුරුවරුන් ප්‍රමාණය සපයා දෙන්න. ඒ වගේම හයිකෝට්වල විශාල නඩු ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා. මම හිතන්නේ අපි දිස්ත්‍රික් 10ක් ප්‍රධාන වශයෙන්දැන් 11ක් වගේ එවලා තියෙනවාඋසාවි 11ක් අලුතෙන් හදන්න ඕන.

මහාධිකරණදැනට කුරුණෑගල වගේ තැන්වල ආසන්න වශයෙන් අපි අලුත් උසාවි 11ක් හදන්න තීරණය කරලා තිබෙනවා. ඒ අලුත් උසාවි 11 හදාගන්න නම් මොකද අපිට වෙන්නේඑතෙන්ටත් මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙන්න ඕන. ඒ නිසා දැන් තියෙන 110120 දක්වා වැඩි කරන්න අපි තීරණයක් අරන් තිබෙනවාමොකද අලුතින් මහාධිකරණ හදන්න ඕන.

මොකද මහාධිකරණ විනිසුරුවන් සංචිතයක් වගේ නෙවෙයිදැන් අභියාචනාධිකරණශ්‍රේෂ්ඨාධිකරණ ගත්තොත් සංචිතයක් ඉන්නේ. හැබැයි මහාධිකරණ විනිසුරුවන්ට සීට් එකක්,  නැත්නම් ඔහු මහාධිකරණ විනිසුරුවරයෙක් වෙන්නේ නැහැනේ. ඒ නිසා මහාධිකරණ ඇති වෙන ප්‍රමාණයටඒ කියන්නේ මහාධිකරණ ප්‍රමාණය අලුතින් ඉදිකරන ප්‍රමාණයටදැන් මා දැක්කා එකක් තිබුණා මේක මළ අවස්ථාවක් එනවා කියලා ඒ කියන්නේ මේඅධිකරණ අවුරුදු දෙකකට ලොක් වෙනවා කියලා. ඒ කියන්නේ මුළු අවුරුදු දෙකකම දීර්ඝ කරපුවාම සියලු පත්කිරීම් ලොක් වෙනවා කියලා. ලොක් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ලොක් වෙනවා. අභියාචනාධිකරණයේ නැවත අභියාචනාධිකරණය පිහිටුවන ප්‍රමාණයට අර හතරදෙනා පිරෙනවා. අලුතින් මහාධිකරණ ඇති කරන ප්‍රමාණයට මහාධිකරණ විනිසුරුවන් පිරෙනවා. එතකොට මහේස්ත්‍රාත්වරයෙක්ට නව මහාධිකරණ විනිසුරුවරයෙක් බවට පත්වෙන්න අවුරුදු දෙකක් ඉන්න ඕන නැහැ, අරකට අනුරූපීව මහේස්ත්‍රාත්වරුන්ටත් උසස්වීම් ලැබෙනවා.

ඊළඟ ඔබතුමා කියන කාරණයවිශාල නඩු ප්‍රමාණයක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණවලඑතකොට මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රතිසංස්කරණය කරන්න ඕන. එතකොට මහේස්ත්‍රාත් අධිකරණවලත් අපි දැනට විනිසුරුවන් 50 දෙනෙක් බඳවා ගැනීම සඳහා JSC එක කටයුතු කරමින් තිබෙනවා. මට වාර්තා වෙලා තියෙන අනුව මා දන්නේ නැහැ ඒ සම්මුඛ පරීක්ෂණයට යොමු වුණාද කියලාඒක මට තීරණය කරන්න බැහැ. නමුත් කවුරුහරි මණ්ඩලයක් විසින් බඳවා ගන්නකොට 32යි නම් යෝග්‍යතා මට්ටමේ ඉන්නේඒක මට කියන්න බැහැනේ 33 කරන්නඒවා තමයි අනිසි මැදිහත්වීම්. නැහැ 50ම ගන්න කියලා මට කියන්න බැහැ. ඒ බඳවා ගන්න කණ්ඩායමට අයිතිය තියෙනවාඔවුන්ට ඔවුන් අපේක්ෂා කරන පරිසාධන මට්ටමේ ඉන්නේ කවුද කියලා ඔවුන් බඳවා ගැනීමේ අයිතිය තියෙනවාඒක තමයි ස්වාධීනත්වය.

එහෙම නැතුව ඇයි ඕගොල්ලෝ 50ක් තීන්දු කරලා ඇයි 32ක් ගන්නේ කියලා මම කියන්න යන්නේ නැහැ. ඒක හොඳ නැහැ. ඒ වාඩිවෙන මණ්ඩලවලට අයිතිය තියෙනවා තමන් අපේක්ෂා කරන පරිසාධන මට්ටමේ නැත්නම් ඒගොල්ලෝ බඳවා නොගන්න.

එතකොට මේ විදිහට අධිකරණ පද්ධතියේ ඇති කරන වෙනස. අනිත් පැත්තෙන්මේ අධිකරණ ඇති කළාට වැඩක් නැහැමා දන්නවා අද අපේ රටේ වෘත්තීයමය ක්ෂේත්‍රවල නිලධාරීන් බැඳීමේ හිඟයක් තියෙනවාරඳවා ගැනීමේ අපහසුතාවත් තියෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරුන්ගේ වයස 60 ඉඳන් 63 දක්වා වැඩි කරන්නේ. ඒක ඇත්තටම පළමුවතාවේ වැඩි කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට විතරයිඊළඟ ඒක සාමාන්‍ය වෛද්‍යවරුන්ට 63 දක්වා වැඩි කළා.  එතකොට සාමාන්‍ය රාජ්‍ය සේවයේ 60 වෙනකොට වෛද්‍යවරු අර 63 කියන සීමාවේ ඉන්න එක වැඩි කරලා තිබෙනවා.

අනිත් පැත්තෙන් ගත්තාමමේ වෘත්තීයමය ක්ෂේත්‍රයේ ඉන්න අය අපි ආරක්ෂා කරගන්න ඕන පළවෙනි වගකීම. ඒ නිසා විනිසුරුවන්ගේ නිවාස පිළිබඳ ප්‍රශ්නයඔවුන්ගේ නිවාසවලට මුදල් කැපීම ඒ කියන්නේ කැපෙන එක සාධාරණ නොමැති වීම වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙනවාඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම මේ අයවැය ලේඛනයෙන්ම විසඳනවා. සමහර ඒවා අයවැය ලේඛනයට කලින් විසඳන්න මම අපේක්ෂා කරනවා.

ඊළඟ එක ගත්තොත්අපිට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලනැහැ. දැන් මම හිතන්නේ  අධිකරණ ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලවල 1007ක හිඟයක් තියෙනවා.අධිකරණ ක්ෂේත්‍රයේ කා.කා.ස 1,000ක හිඟයක් තියෙනවා කාඩර් එකට වඩා. ඒ 1,007න් දැන් අපි ආසන්න වශයෙන් ගත්තොත් 260ක් දැනට බඳවා ගන්න අවසර දීලා තිබෙනවා. ඉතුරු 700 ගණනත් අපි බඳවා ගන්නවා. දැනට 260ට අයදුම්පත් 21,000ක් ඇවිල්ලා තියෙනවාඒකයි තියෙන ප්‍රශ්නය. බඳවා ගැනීමේ පරිපාටිය අපි පුරවන්නේ නැහැවිධිමත් තරග විභාගයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් බඳවා ගන්න ඕන. ඒ 1007ම පුරවලාඅපි අවශ්‍ය වෙන පහසුකම් ටික දෙනවා.

ඒ වගේමඅපේ රටේ භාගෙට හදපු අධිකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ගැටලු දෙකක් තියෙන අධිකරණ තියෙනවා කොන්ත්‍රාත්කරුවන් එක්ක ඒගොල්ලන්ට නිරාකරණය කරගන්න බැරිඒ ගැටලු දෙක තියෙන අධිකරණ පද්ධතිය හැර අනිත් සියලුම අධිකරණ ටික හදන්න මේ අයවැය ලේඛනයෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ වගේම තවත් අධිකරණ ඒගොල්ලෝ 11ක් ඉල්ලලා තියෙනවාඅලුතින්තාවකාලික කුලී නිවාසවල තියාගෙන යන. ඒ එකොළහෙනුත් යම් ප්‍රමාණයක් ඉදිකිරීම සඳහා මුදල් වැය කරන්න බලාපොරොත්තු වෙනවා.

අනිත් පැත්තෙන් ගත්තාමඔබතුමා කිව්වා වගේම ඩිජිටල්කරණය පිළිබඳව අපි පියවර අරන් තිබෙනවා. විශේෂයෙන්ම අපේ ඩිජිටල් අමාත්‍යාංශයේ හාන්ස් මහත්මාට මම උපදෙස් දී තිබෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාව පුද්ගලිකව හමුවෙලා මෙම කටයුතු කඩිනම් කරන්න කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ සැලකිය යුතු ප්‍රතිඵල තියෙනවා. මම හිතන්නේ දැනට පරික්ෂා කිරීමේ අවදියේ තිබෙන්නේ. මෙම වැඩපිළිවෙළ ආරම්භ කළා. නමුත් මේක ක්‍රියාත්මක කර බැලිය යුතුයි සාර්ථකද කියලා. ඉතින් මේ සමස්ත ක්‍රියාවලියක කොටසක්. මේක කිසිසේත්ම අර විනිසුරුවරුන්ගේ කාලය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයිවිමර්ශන ක්‍රියාවලියේ සිට සමස්තය දෙස බලපු එකේ කොටසක්.

එතකොට සෑම විටම මම හිතනවාමෙතුමා කියපු පරිදි මේක නොවුණත් ඒකේ සුවඳමොකක්ද මේකෙන් පෙන්නුම් කරන්නේමම ඒක පිළිගන්නවා. හැබැයි කොයිකටත් වලංගුයි. මේ අධිකරණය මෙහෙම පවතින්නේ,  ඒ වගේම හොඳම සුවඳ සහිතව නෙවෙයි අදත් ජනතාව අධිකරණය විශ්වාස කරන්නේ. මේ අධිකරණ පද්ධතිය අදත් විශ්වාස කරන්නේ සුවඳදායකම කරුණු විසින්මදනැහැනේ. හැබැයි ඒත් මිනිස්සු මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා. ඉතින් මම මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබනවා.

ඇත්ත ගත්තොත්මේක පද්ධතිමය වෙනසක්. මීට කලින් කරලා තියෙන්නේ පුද්ගල වෙනසක්පුද්ගලානුබද්ධ වෙනසක්. මේක අර්ථකථනය කරන්න පුළුවන්. මම දැක්කා සමහර අය කියනවා දෙසැම්බර් 01ට කලින්පස්සේ බැරිද කියලා මගෙන් අහනවා. දෙසැම්බර් 01ට පස්සේ බැරිද කියන එකෙන්,  ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේඉදිරිපත් කරපු අයට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නැහැමම මේ ගොඩක් අය දන්නෙත් නැහැඔබ දන්නවා ඒ තලයේ ඉන්න ගොඩක් අයත් එක්ක මගේ ළඟ ඇසුරක් නැහැ. මම මේ තනතුරට ආවට පස්සේ විතරයි සමහර අයගේ නම් වුණත් දන්නේ. මේ වගේ අවස්ථාවක හැර අපි  වෙන කොහෙවත් හම්බවෙන්නේ නැති අය. හැබැයි මම හිතනවා මේ පද්ධතියේ වෙනසක් අවශ්‍යයි කියලා.

අන්න ඒ පද්ධතියේ වෙනස ඇති කිරීම වෙනුවෙන් තමයි මේ කාර්යය කරන්නේ කියලා මම හිතනවා. මේක අධිකරණ පද්ධතියට මාර විනාශයක් සිද්ධ වෙනවිශාල බිඳවැටීමක් සිද්ධ වෙනමෙතැනින් පස්සේ අධිකරණය කෙරෙහි ජනතාවගේ තිබෙන විශ්වාසය මුළුමනින්ම බිඳවැටෙන තත්වයක් නිර්මාණය වෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන්. සටනක් කරනකොට ඒකේ සීමාවට එහා කරුණු ඉදිරිපත් කරන්න ඕන. ඒකයි සටන්වල ස්වභාවය. මට ඒකත් තේරුම් ගන්න පුළුවන්.

සටනක් කරනකොට ඒ සටනේ තියෙන ඇත්ත තර්කනයේ සිටඒ තර්කනයට වඩා ටිකක් උඩින් සටන් පිහිටුවන්න ඕන. මම ඒක දන්නවා. එතකොට අපිට හදන්න පුළුවන් විශාල බියවැද්දීමක්මෙතැන් සිට අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පලුදු වේවිජනතාව අධිකරණයෙන් දෙන තීන්දුවක් මේ විශේෂ වරප්‍රසාදයක් ලබාගත්තු කෙනෙක් දීපු තීන්දුව නිසා එයාට යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්මේ වගේ දේවල් මතු වෙන්න පුළුවන්. මම හිතනවා ඒවා අපි යමකට එකඟ නොවෙනවා නම්එකඟ නොවීම සමාජගත කිරීම සඳහා කරන සටන්.

ඕනෑම සටනක එහෙමයි. තර්කයට ටිකක් උඩින් හැම සටනක්ම පිහිටවනවා. මම කියන්නේ නැහැ ඔබතුමාලා එහෙම කරනවා කියලාමම කියන්නේ එළියේ සංවාදය. නීතිඥ සංගමය නෙවෙයිඑළියේ සංවාද තියෙන්නේ තර්කයට ටිකක් ඔබ්බෙන්.  සමහර අවස්ථාවල මේ ව්‍යවස්ථා සංශෝධනයට දෙන නාමකරණයන්ඒවා තියෙන්නේ ව්‍යවස්ථාව තුළදඒවා තියෙන්නේ තර්කය තුළදනැහැ ඒවා තියෙන්නේ තර්කයෙන් ඔබ්බට යන බියගැන්වීම් ඇතුළේ.

ඒ නිසා මේ ප්‍රතිපත්තියේ සිට තමයි අපි කටයුතු කරන්න ඕන කියන එකයි අපේ අදහස වන්නේ.

END/PMD/MMP/13082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *