එල්නිනෝ දේශගුණික තත්වයනට මුහුණ දීමට හා වතු කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හලාවත වැවිලි සමාගම ඉතිහාසයේ පළමු වරට රුපියල් මිලියන 150 ක කෘෂි උපකරණ වතුවලට දෙයි . – ප්‍රසාද් පුර්ණමාල්
හලාවත වැවිලි සමගම සිය වතුවල කාර්යක්ෂමතාවය ඉහල නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 150 ක වියදමකින් සියලු වතු කලාප සදහා ට්‍රැක්ටර් ,ජල බවුසර් , ඇතුළු උපකරණ රැසක් බෙදා දීම හා නව පත්වීම් ලබා දීම ඊයේ 05 වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න හා රාජ්‍ය පරිලපාලන අමත්‍ය චන්දන අබේරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හලාවත පිහිටි ආසියාවේ විශාලතව වතුයායේදී සිදු කැරිණි .
මේ අවස්ථාව සදහා වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසුරිය , පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන
දිසානායක හා අමාත්‍යාශයේ නිලධාරීන් රැසක් සහභාගී විණි.
බ්‍රවුන්ස් සමාගම මේ ට්‍රැක්ටර් ඇතුළු කෘෂි උපකරණ සැපයීම සිදු කර ඇත්තේ ඉතා අඩු මුදලකට වන අතර ඊට හේතු වී ඇත්තේ මේ උපකරණ ගැනීමේදී ඉතා විනිවිදභාවයකින් කටයුතු කර තිබීමයි . ඒ අනුව වෙළද පොලේ රුපියල් ලක්ෂ පනහක් පමණ වන ට්‍රැක්ටරයක් රුපියල් ලක්ෂ තිස් දෙකකට ලබා ගැනීමට හැකිව ඇත .
හලාවත වැවිලි සමගම ආරම්භයේ සිට ලබා ගත් විශාලතම උපකරණ තොගය මෙය බව හලාවත වැවිලි සමාගමේ සභාපති චන්දන දිසානායක මහතා පැවසිය . මේ ට්‍රැක්ටර් උපකරණ හා වතු සදහා නව සේවකයන් සදහා පත්වීම් ලිපි ලබා දීමද මෙහිදී සිදු විනි .
මේ උපකරණ භාවිතා කරමින් එල්නිනෝ වැනි දේශගුණික තත්වයනට සාර්ථකව මුහුණ දීමට හා ඉදිරි වසරක කාලය තුල හලාවත වැවිලි සමගම වතු ආශ්‍රිතව පොල් පැල ලක්ෂ දෙකක් සිටුවීමට පාලනාධිකාරිය සැලසුම් කර ඇත .
මෙහිදී අදහස් දක්වමින් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කලේ නව රජය බලයට පත්වීමේදී පොල් ආනයනය කරන
තත්වයක් තිබු අතර දැන් දැන් එම තත්වයක් පහව ගොස් අති බවයි .
අපේ ඉලකය තිබුනේ 2030 වෙද්දී පොල් ගෙඩි මිලියන 4200 ක් එක මේ වසර අවසාන වන විට අපිට උදා කර ගන්න පුළුවන් . ඒ වගේම පොල් නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් බිලියන 1.5 ක් මේ සියල්ල මේ වසර නිම වෙද්දී සපුරා ගන්න පුළුවන් . අපි මේ ආයතනය භාර ගනිද්දී තිබුනේ ට්‍රැක්ටර් 23 අපි මේ වසර දෙකකට ආසන්න කාලය තුල ට්‍රැක්ටර් 39 ක් සමග උපකරණ රුපියල් මිලියන් 150 ක ලබා දීලා තියනවා
පසුගිය වසරේ අදායම් රුපියල් මිලියන 650 ක් ඉන් සේවකයනට රුපියල් මිලියන් 137 ක් දුන්නා . අපි ට තව අවුරුදු තුනක් තියනවා බලන්න අපි මේ වැවිලි සමාගම කොච්චර උසස් කරනවද කියලා .සේවකයන්ගේ තත්වය කොච්චර උසස් කරනවද කියලා .
