ගෙවුණු මාස මාස නවයට ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් වැටලීම 4660ක් සිදුකළ රුපියල් මිලියන 524.8 වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 32.8 අත්අඩංගුවට අරන් – දමිත් සඳනුවන් කීර්ති
ගාල්ල දිස්ත්‍රික්කයේ ගෙවුණු 2025 වර්ෂයේ ඔක්තෝබර් මස තිහ දින සිට මෙම වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන සිදුකරනු ලැබූ වැටලීම් 4660 ක් සිදුකළ දළ වශයෙන් රුපියල් මිලියන 524.8 වටිනා හෙරෙයින් කිලෝ ග්‍රෑම් 32.8ක් සහ මීට අදාළ සැකකරුවෝ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
මෙසේ රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ වැඩිම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිය වසරේ දෙසැම්බර් මාසයේ කරන්දෙණිය පොලිස් බලප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8.5ක්, මෙම වර්ෂයේ අහුංගල්ල පොලිස් බලප්‍රදේශයෙන් අවස්ථා තුනකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5.1,6.7 ක් සහ 1.1 ලෙසය.
මෙම වැටලීම් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එම්.සී.ඒ. පුෂ්පකුමාර මහතාගේ සෘජු උපදෙස් මත ගාල්ල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ මහතා ,ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සෘජු නිරීක්ෂණය යටතේ ගාල්ල කොට්ඨාශයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්,පොලිස් නිලධාරීන්,පොලිස් විශේෂ කාර්යාල බලකාය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදුකළ ඇත.
