පුස්කොළ පොත් සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් වඳුරඹදී – දමිත් සඳනුවන් කීර්ති

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගියදා වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙසේ පැවැත්විණි.

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් එස්. ඒ. එම්. නස්ලි මහතාගේ උපදෙස් පරිදි , නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රමසම්පාදන) සෙව්වන්දි එන්. රණවීර මහත්මියගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල්. අරුණි ප්‍රබෝධා මෙනවියගේ මග පෙන්වීමෙන් සමාජ සංවර්ධන අංශය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ ප්‍රතිපාදන මත සිදු කරන ලද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය හබරාදුව ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති වෛද්‍ය ජගත් සිසිර කුමාර මහතා විසින් ලබා ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රමසම්පාදන) සෙව්වන්දි එන්. රණවිර මහත්මිය, වඳුරඹ ආයුර්වේද සංරක්ෂණ සභාවේ ලේකම් වෛද්‍ය ලලිත් සල්ගමුව මහතා, නියෝජ්‍ය සභාපති වෛද්‍ය දිනසිරි ඕබඩගේ මහතා, කාරක සභික වෛද්‍ය බී.ඒ උපසේන මහතා සහ වෛද්‍ය දීපිකා සූරිආරච්ච් මහත්මිය ඇතුළු වදුරඹ ආයුර්වේද සංරක්ෂණ සභාවේ සාමාජිකයන්, යක්කලමුල්ල ආයුර්වේද සංරක්ෂණ සභාව නියෝජණය කරමින් වෛද්‍ය රංජිත් කුමාර මහතා, හබරාදුව ,නාගොඩ හා අක්මීමන ආයුර්වේද සංරක්ෂණ සභා නියෝජණය කරමින් සංරක්ෂණ සභා සාමාජිකයන් , වඳුරඹ සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති රිචඩ් ජයසුන්දර මහතා ඇතුළු සංස්කෘතික බලමණ්ඩල සාමාජිකයන්, පුස්කොළ පොත් සහිත විහාරස්ථාන නියෝජනය කරමින් දහම් පාසල් ගුරු මහත්ම මහත්මීන්, සහභාගී වූහ.

ලේඛණ කලාවේ ඉතිහාසය , දේශීය වෛද්‍ය ක්‍රමය හා බුදු දහම පුස්තකාළ පොත් වල ලේඛණය සිදු කළ ආකාරය , ව්හාරස්ථාන වල හා පුද්ගල සන්තකයේ ඇති ඉපැරණි ලේඛණ සංරක්ෂණය කර ගත යුතු ආකාරය හා ඒ සඳහා යොදා ගන්නා ක්‍රම ශිල්පී ගැන මෙහිදී සාකච්ඡා විය.

දුම්මල තෙල් යොදාගෙන පුස්කොළ පොත් ආරක්ෂා කර ගන්නා ආකාරය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව සිදු කරන ලද අතර නිවැරදි දුම්මල තෙල් මේ සදහා යොදා ගත යුතු බවද අවධාරණය කරන ලදී .

පාරම්පරික වෛද්‍යවරුන් සන්තකයේ පුස්තකාළ පොත් පවතින අතර ඒවා විනාශ නොවී ආරක්ෂා කර ගැනීම සඳහා සංරක්ෂණ ක්‍රමද , අවශ්‍යතාවය අනුව පුස්කොළ පොත් විද්‍යුත් පිටපත් ලබා ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී දැනුවත් කරන ලදී.

මේ වැඩසටහන සඳහා වඳුරඹ ආයුර්වේද සංරක්ෂණ සභාවට, වඳුරඹ සංස්කෘතික බලමණ්ඩලයට, වඳුරඹ ජේෂ්ඨ පුරවැසි බලමණ්ඩලයට, යක්කලමුල්ල , නාගොඩ , අක්මීමන , හබරාදුව ආයුර්වේද සංරක්ෂණ සභා වල වෛද්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරී සිය උපරීම දායකත්වය ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *