නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනය!

අද (04) පෙරවරු 09 ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඉදිරි පැය 24 දක්වා වලංගුවන පරිදි නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය අනුව පහත දිස්ත්‍රික්කයන් සඳහා නායයෑමේ අවදානම පැවතිය හැකි බව දන්වා සිටී.

I. මහනුවර දිස්ත්‍රික්කය – ගඟ ඉහළ කෝරළේ, උඩුදුම්බර සහ පස්බාගේ කෝරළේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ඉවත් වීමේ මට්ටම (රතු වර්ණය)

II. කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ඉවත් වීමේ මට්ටම (රතු වර්ණය)

III. නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ඉවත් වීමේ මට්ටම (රතු වර්ණය)

එම නිවේදනයෙහි ඇතුළත් අනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි බැවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළව ගිලා බැසීම් හා පස් කණ්ඩි කඩා වැටීම්, අනතුරුදායක ප්‍රදේශ හරහා ගමන් කරන්නන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය, 117 ඇමතුම් මැදිරිය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයන් ජනතාවට සහායවීම සඳහා 24×7 ක්‍රියාත්මකව ඇත.

END/GONP/MMP/04082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *