මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැළදේ

ඩෙංගු මර්දන වැඩපිළිවෙලෙහි නියැලී සිටී කොළඹ දිස්ත්‍රික්කයට අයත්  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැළදී තිබෙන බව , අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර  අනාවරණය කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට ද ඩෙංගු වැළදී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කය පුරාවට මේ වනවිට ඩෙංගු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බව ඔහු කීවේය.

ජූනි මාසය පුරා සිදුකළ ඩෙංගු වැටලීම්වලදී වගකීම් පැහැරහැරිය පුද්ගලයින් 1,186 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර, ඒ මඟින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ ආදායම් උපයා ගැනීමට හැකි වු බවද අමිත් කුමාර මහතා සඳහන් කළේය.

ජුනි මාසයේ දී පමණක් නිවාස 494කට, රජයේ සහ පෞද්ගලික ආයතන 134කට, පාසල් 4කට සහ ආගමික ස්ථාන 2කටත් නීතිමය පියවර ගෙන ඇති අතර, ඉදිරියේ දී ද කිසිදු තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවද අමිත් කුමාර මහතා පැවසීය.

END/MMP/09072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *