පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.
ඊට අදාළව පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු සියළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිළධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව, සෑම පොලිස් වසමක් තුළම දිවා රාත්‍රි ජංගම සංචාර, පාමුර, පාපැදි, බීට්ටු සංචාර හා යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කර අධික රථ වාහන ගහනයක් ඇති වීමට ඉඩ ඇති ස්ථාන ආවරණය වන පරිදි රථ වාහන නිලධාරීන් යොදවනු ඇති.
මෙම කාලසීමාව තුළ පූජනීයත්වයට හානිදායක වන ලෙස හා බැතිමතුන්ට පීඩාකාරී වන ලෙස කටයුතු කරන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
