පුත්තලමේ ජන්ද විමසීමෙන් රනිල් දිනුම් – හලාවත පියුමි සසංගි
පුත්තලම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරිකයන් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන යෝජනාවක් අද 04 පෙරවරුවේ
සම්මත කර ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා පැවසිය . කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත මාදම්පේ පිහිටි නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේදී මෙය පැවැත්විණි . මේ සදහා අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජනය කරමින් පෞද්ගලික ලේකම් දිමාල් පතිනායක මහතා සහභාගී වූ අතර පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
අලි සබ්රි රහීම් හා ජගත් පියංකර යන මහත්වරුද වුහ .
මිට අමතරව හිටපු පළාත් සභා අමාත්‍යවරු , මන්ත්‍රීවරු , නගර සභා හා පරදේශීය සභා සභාපතිවරු හා සභිකයන් සමුපකාර සමිති සභාපතිවරු සහභාගී වුහ .
මේ රැස්වීමේදී අදහස් දැක්වූ සියලු කථිකයන් කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කලේ රාජපක්ෂ පවුල බවයි .
මෙහිදී පියංකර ජයරත්න මන්ත්‍රීවරයා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමේ යෝජනාවක් කල අතර එය ඒකමතිව සම්මත වීම විශේෂයි