‘පුතාට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ‘යුක්තිය නැතිව’ ශිෂ්‍ය ඝාතනයට වසර 17යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 17ක් ගතවේ. (2006 ජනවාරි 02- 2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන වෛද්‍ය මනෝහරන් පවසා සිටියත්, ඒ පිළිබදව සාධනීය පරීක්ෂනයක් පවත්වා ඝාතකයින් නීතිය හමුවට පැමිණවීමට තවමත් ලංකාවේ කිසිදු බලධාරියෙක් සමත්ව නැත.

මෙසේ ඝාතනයට ලක් වූයේ මනෝහරන් රාගිහර් (1985/09/22) යෝගරාජ් හේමචන්ද්‍ර (1985/03/04) ලෝගිදරාජ් රොහාන් (1985/04/07)දන්ගතුරෛයි සිවනාන්ද (1085/ 04/06 ), ශන්මුගරාජ් ගජේන්ද්‍රන් (1985/ 09/16 ) යන සිසුන් 5 දෙනා ය. ඒ, 2006 වර්ෂයේ ජනවාරි 2 වැනිදා ය. ත්‍රිකුණාමලය ගාන්ධි ප්‍රතිමාව අසලදී ඔවුන් ඝාතනය කරනු ලැබීය.

 
උපුටා ගැනීම විකල්ප වෙබ් අඩවිය. සම්පුර්ණ ලිපියට සහ වීඩියෝව නැරඹීමට මෙතැනින් පිවිසෙන්න වීඩියෝව ඉංග්‍රීසි උප ශීර්ෂ සහිතයි. 
Link :  https://www.vikalpa.org/article/42046

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed