පනත අභියෝගයට – මෙලනි මානෙල් පෙරේරා

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, හිටපු “සටන්කරුවන්” සහ “වෙනත් කණ්ඩායම්වල” සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීමට කාර්යාංශයක් පිහිටුවීමට රජයට අවශ්‍යය. මානව හිමිකම් ක්‍රියාධරයින් ප්‍රකාශ කරන ආකාරයට, මෙම පනත් කෙටුම්පත මගින් වධහිංසා පැමිණවීම සහ විරෝධතාකරුවන් සිරගත කිරීමට හැකියාව ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුලිගේ , අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත යන විශ්වවිද්‍යාල ක්‍රියාකාරින් දැනටමත් දින 50ක් සිරගතව සිටිති. 50වන දිනය පිරුණු ඊයේ දිනයේදි සාක්‍ෂි නොමැතිව හෂාන් ජීවන්ත ව නිදහස් කළේය. නව පුනරුත්ථාපන පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසිකම් කඩවන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. 

 
“පුනරුත්ථාපන කාර්යංශය”ක් ආරම්භ කිරීම සඳහා පිඹුරුපත් සකස්කර ඇති මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීම සෑම අතෙකින්ම අවධානම් සහිත බව නීති විශාරධයින් මෙන් ම මානව හිමිකම් ක්‍රියාකාරින් ද ප්‍රකාශර ඇති අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති මෙම කෙටුමිපත සමිමත කරගැනී වළක්වාගැනීම මහජනතාව සතු ප්‍රබල යුතුකමක් බව ඔවිහු පෙන්වා දෙති.

“මෙම පනතට ඡන්දය නොදෙන ලෙස ජනතාව තම මන්ත්‍රීවරුන්ට දැඩිව බලපෑම් කළ යුතුයි. එයට හිස ඔසවන්නට ඉඩනොදී දැන්ම ම එය මර්ධනය කර දැමීමට පියවර ගතයුතුයි, “යනුවෙන් මෙම පනත් කෙටුම්පත ඉතා ගැඹුරින් අධ්‍යනය කර ඇති නීතිඥවරියක වන ස්වස්තිකා ආරුලිංගම් අවධාරණය කළේය.


“පුනරුත්ථාපන කාර්යාංශයේ පනත මගින් වධහිංසා පැමිණවීම නීත්‍යානුකූල කරයි. මත්ද්‍රව්‍ය භාවිතයෙහිලා ඔබට බලපෑම් කරයි. ඊට අකීකරුවුවහොත් සිරගත කිරීමෙන් හෝ බලය පාවිච්චි කිරීම මගින් දඬුවම් කරනු ලබයි.” යැයි ද ඇය පැහැදිළි කළේය.

 
“රාජපක්ෂලාගේ  රිදුණු මමත්වය සමනය කිරීමට” අපේ රට නීති සම්මත කරන බවක් පෙනෙන්නට තිබෙන බවයි මානව හිමිකම් ක්‍රියාකාරිනි, නීතිඥ ස්වස්තිකා ආරුලිංගමි සඳහන් කළේ. 
 
” ආණ්ඩුව කියා සිටින්නේ කාර්යාංශය සටන්කාමීන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට සේවය කරන නමුත් පනතේ ‘වෙනත් කණ්ඩායම්’ ගැන කතා කරයි. “අනෙකුත් කණ්ඩායම්” ගණයට වැටෙන්නේ කවුරුන්දැයි අද වනතුරු කිසිවකු, පනත කෙටුම්පත් කළ දෙපාර්තමේන්තුව පවා දන්නේ නැත.” යනුවෙන් නීතිඥ ස්වස්තිකා පෙන්වා දෙයි.
 
මීට දින 50 කට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය සිරිධම්ම හිමි සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත යන අය ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත් කිසිඳූ සාක්‍ෂියක් ගොණුකළ නොහැකි වීම මත ඊයේ දිනයේදි එනම් දින 50 සපිරුණු දිනම (ඔක්තොබර් 07) හෂාන් ජීවන්ත ට නිදහස ලැබිණි.

එහෙත්, තවදුරටත් වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ ජීවිත අනතුරේ යැයි ඔවුන්ගේ නීතිඥයෝ පවසති. ඔවුන් අත්අඩංගුවට ගත් දා සිට ම ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ කණ්ඩායම් ඔවුන් නිදහස් කරන ලෙස අරගල කරමින් සිටිති.

 
“මෙය ඉදිරියට නොගෙනියන්නට විරෝධතා දිගටම පැවැත්විය යුතුයි. අපි 225ක් බලයට පත් කර තිබෙනවා, ඔවුන්ව කැඳවා, ඔවුන්ව හමුවී අහන්න අපි ඔවුන් තෝරාපත්කර පාර්ලිමේන්තු යැව්වේ  ලංකාවේ වධ කඳවුරු පිහිටුවීමට දැයි ඔවුන්ගෙන් විමසන්න. ආර්ථීක අර්බුදය හමුවේ අපි පසුගිය මාසවල දී කළා මෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න.” යැයි ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
මේ අතර, රටේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුනාදන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින්, මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම්වලට නොගැලපෙන බව අවධාරණය කර තිබේ.

කාර්යාංශයට යටත්ව සිටින පුද්ගලයින්ගේ කණ්ඩායම් නිසි ලෙස නිර්වචනය කර නොමැති බව ඇය තර්ක කරයි – එවැනි පුද්ගලයින්ට ලැබෙන පුනරුත්ථාපන වර්ගය ද ඇය ප්‍රශ්න කරයි.

 
“කෙටුම්පත නොපැහැදිලි සහ අත්තනෝමතික වර්ගීකරණයන් භාවිතා කර ඇතැයි” යනුවෙන් සත්කුනාදන් පැහැදිලි කරයි. එපමණක්ද නොව, පුනරුත්ථාපන ක්රියාවලිය මිලිටරිකරණය කර ඇති බව සඳහන් කරන ඇය, මේ නිසා සාමාන්‍ය උද්ඝෝෂණවලට සහභාගි වන පිරිස් පවා රඳවා තබා ගැනීමට හැකියා ඇති බවට අනතුරු හගවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed