විශේෂාංග

අතරමං නොවී,විශ්වාසයෙන් එතෙර යන්න විධිමත්ව පුහුණු වෙන්න. සෝබා කෝලියවංශ.

රේණුකා මාස හයකට පමණ එපිට දී පාරේ ඇවිද්දේ ද මහ රැජින වාගේය. ඒ ඇය කුවේට් යන්නට සූදානම් වී සිටි කාලයයි....

අවුරා ලංකා තාබුගල අත් අඩංගුවට නොගන්නේ ඇයි ? සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය  

    රාජාංගනය ගොවි ජනතාවට බලපත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ව පවරා ගෙන එම ඉඩම් අවභාවිත කරමින් ව්‍යාපාරික කටයුතු සිදු කරන නීති විරෝධී ක්‍රියා ගණනාවකට සම්බන්ධ අවුරා ලංකා ව්‍යාපාර ජාලයේ සභාපති විරංජිත් තාබුගල අත් අඩංගුවට ගැනීමට අද දක්වා ම පොලීසිය අපොහෙසත් වී ඇත. රාජාංගනය යාය 18 ප්‍රදේශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොර ව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ, ග්‍රාමීය ජනතාව පීඩාවට ලක් වන පරිදි නීති විරෝධී ව අඛණ්ඩ ව සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට එරෙහි ව රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා රාජාංගනය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. එස්. ගජසිංහ මැදිහත් වූ අවස්ථාවේ දී ඒ සඳහා බාධා කර තර්ජනය කිරීම ද තාබුගල විසින් සිදු කර ඇත. නමුත් අද දක්වා ම ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිවැරදි පරිදි නීතිය ක්‍රියාත්මක කර නොමැත. ගොවි පවුල් 550 ක් පමණ ජීවත් වන රාජාංගනය යාය 18 ගම්මානයේ අවුරා ලංකා සංගීත ප්‍රසංගය අඛණ්ඩ ව පැවැත්වීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම් හා පාසැල් දරු දැරියන්ට ඇති වන බාධාවන් ඇතුළු මහජන පීඩාකාරී තත්ත්වයන් පිළිබඳ ව ප්‍රදේශවාසීන් විසින් පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට පැමිණිලි කර තිබේ. මෙසේ පැමිණිලි කළ පුද්ගලයන්ට මරණ තර්ජන එල්ල කිරීම හා ඔවුන් ගේ දේපල හා ජීවිතවලට හානි සිදු කිරීමට තාබුගල විසින් ඔහු ගේ පාක්ෂිකයන් පෙලැඹවීම මගින් සාමය කඩ වන පරිදි කටයුතු කිරීමට එරෙහි ව ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පැමිණිලි කළ ද එම පැමිණිලි භාර ගැනීමට හෝ ඊට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට අද දක්වා ම පොලීසිය අපොහොසත් වී ඇත. අවුරා ලංකා සමාගම් ජාලයේ සභාපති ලෙස පෙනී සිටින විරංජිත් තාබුගල නිදන් ජාවාරමක් සම්බන්ධයෙන් වැරදිකරුවකු වී බන්ධනාගාර ගත ව සිටිය දී බන්ධනාගාරයෙන් පැන ගිය පුද්ගලයකු බව ප්‍රදේශවාසීන් හා පොලීසිය විසින් දන්නා ප්‍රසිද්ධ කරුණකි. බන්ධනාගාරයෙන් පැන ගොස් ප්‍රසිද්ධියේ පෙනී සිටින මෙම පුද්ගලයා ව අත් අඩංගුවට ගැනීමට අද දක්වා ම පොලීසියට නොහැකි වීම පුදුමයට කරුණකි. මුදල් බලය හා දේශපාලන සබඳතා මත මේ සියල්ල සිදු ව ඇති බව ඉතා ම හොඳින් තහවුරු වී තිබේ.  ...

ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ ගිලුණු ශෘහණියෝ – මිතුන් ජයවර්ධන 

  ක්ෂුද්‍ර මූල්‍ය ණය ණය ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාවට වැලේ වැල් නැතිකරමින් දැවැන්ත උගුලකට හිර කරන ආකාරයෙනි. ලංකාවේ...

තෙත් කලාපය තුළ තේ වගාවෙන් හරිත කාන්තාර බිහි කිරීම වහා නතර කළ යුතු ය -සජීව චාමිකර

  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත් කලාපයේ මුළු භූමි ප්‍රමාණයෙන් 13% ක් පමණ වේ. එය මුළු ලෝකයේ ම වැසි වනාන්තර වැස්මෙන් 0.011% කි. මෙරට ආකාර තුනකින් යුත් වැසි වනාන්තර අතුරෙන් පහතරට වැසි වනාන්තර හෙක්ටයාර 1,23,302 ක් (1.9% ක්), උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 28,513 ක් (0.4% ක්) හා ඉහළ කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 44,758 ක් (0.7 ක්) පමණ ඉතිරි වී තිබේ. මෙම සංඛ්‍යා ලේඛණ මීට වසර 13...

වතුකර ප්‍රජාවගේ උන්නතිය වෙනුවෙන් රදගුරු සමුලුව ස්ථාවර ප්‍රතිපත්තියක් සහ කොමිසමක් යෝජනා කරයි – – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවේ ආර්ථීක පැවැත්ම වෙනුවෙන් වසර 200ක් තුළ ජීවිත කැපකර සිටින වතුකර ප්‍රජාව, වතු කළමණාකාරිත්වයේ ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැතිකමින් අස්ථාවර සැළසුමි...

කුලයෙන් හා ආර්ථිකයෙන් බැටකමින් ජීවිත ගොඩ නගන මානාවේ කාන්තාවෝ – ( පුෂ්පා වීරසේකර )

කුලියාපිටිය මානාව වනාහි කුලපීඩන තත්වය නිසා   අතීතයේදී වෙනස්කමකට ලක්වූ ගමකි. වර්තමානයේදි එම තත්ත්වයන් වෙනස්ව තිබුණද මෙහි වැසියන්ගේ සමස්ත දියුණුව ගතහොත්...

දිනාගත් යුක්තියත් උදුරාගත් පානම නොනිමි අවනඩුව – ශාලික විමලසේන

    ස්වභාව සෞන්දර්යයේද, ජාති ආගම් බේද නොමැති මානව සෞන්දර්යයේද තෝතැන්නක් ලෙස සැලකුණු පානම, මේ වන විට සියලු ආකාරයේ අයුක්තීන්ට...

පදිකයේ ජිවිතේ – නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ තොග වෙළඳාමේ කේන්ද්‍රීය ශ්‍රම සම්පතක් වශයෙන් නාටාමි කම්කරුවන් හැදින්විය හැකියි.  කොටුව සහ පිටකොටුව තොග වෙළදාම ආශ්‍රිතව දෛනිකව සේවය කරන නාටාමි...

‘අත පල්ලෙන් වැටුණු’ පහතරට වතුකරය – සමන් සී ලියනගේ

  ‘උඩරට වතුකරය’ යැයි කී විට දැනෙන හුරු පුරුදු ගතිය, ‘පහතරට වතුකරය’ යැයි කී විට දැනෙන්නේ නැත. ඒ නුහුර එන්නේ,...