සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි – සජීව චාමිකර
සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් කර තිබේ. එනම් පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තර වශයෙනි. මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 900 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති පහතරට තෙත් කලාපීය වනාන්තර හෙක්ටයාර 31630 ක් හා මීටර 900 ත් 1500 ත් අතර උච්චත්ව පරාසයේ ව්‍යාප්ත ව ඇති උප කඳුකර වැසි වනාන්තර හෙක්ටයාර 4875 ක් සිංහරාජ වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මීට අමතර ව සිංහරාජ වන රක්ෂිතය වටා තවත් වනාන්තර හෙක්ටයාර 2500 ක් පමණ අනාරක්ෂිත තත්ත්වයේ පවතී. එසේ අනාරක්ෂිත ව ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින වනාන්තර හා පෞද්ගලික වනාන්තර ඉඩම් ය. එම වනාන්තර සියල්ල සිංහරාජ වන රක්ෂිතය හා සම්බන්ධ ව ඇති අතර සුවිශේෂී ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන අතර ජල පෝෂක ප්‍රදේශ ලෙස ද ක්‍රියා කරයි. වර්තමානය වන විට සිංහරාජය වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර අතුරෙන් වැඩි වශයෙන් එළි කරනු ලබන්නේ උප කඳුකර වැසි වනාන්තරය. මෙම වනාන්තර ප්‍රදේශ තුළ මුළු ලොවින් ම සිංහරාජයට පමණක් ආවේණික ජීවී විශේෂ බහුල ව වාර්තා වේ. මේ නිසා මෙම අනාරක්ෂිත වනාන්තර ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට පවරා ගැනීම කඩිනමින් සිදු කළ යුතු ව ඇත. මේ ක්‍රියාවලිය ප්‍රමාද වන සෑම නිමේෂයක දීම සිදු වන්නේ එම වනාන්තර ජෛව ප්‍රජාව සමඟ මෙරටට අහිමි වීම ය. මේ ආකාරයෙන් සිංහරාජ වන රක්ෂිතයේ පන්නිල - වලන්කන්ඳ කොටසට මායිම් ව පිහිටි අක්කර 600...