සංචාරක රුවල් ඔරුවෙන් වැටී සංචාරකයෙක් මරුට – දමිත් සඳනුවන් කීර්ති
මාලදිවයිනේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් තිබූ සංචාරක රුවල් ඔරුවක ගමන් කරමින් සිටි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු මුහුදට වැටී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුරු (09දා) ගාල්ල ධීවර වරායට ගෙන එන ලද බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙම රුවල් ඔරුව තුළ දකුණු අප්‍රිකානු ජාතිකයන් දෙදෙනෙකු ගමන් කර ඇති අතර එහිදී ඉන් එක් ඉකුත් 07 වැනි දින මුහුදට වැටීමෙන් එම විදේශීය ජාතිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුව මෙම රුවල් ඔරුව ගාල්ල වරාය වෙත ළඟා වීමෙන් අනතුරුව, මියගිය විදේශීය ජාතිකයාගේ මෘත දේහය මරණ පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ගාල්ල ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොෂාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
