අනුරාධපුර – රඹෑව ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 05 දක්වා ඉහළට : 50කට තුවාල
අනුරාධපුර – යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයේදී බස් රථ 3ක් ගැටී සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 05 දක්වා ඉහළට ගොස් තිබෙනවා.
එසේම 50කට අධික සංඛ්‍යාවක් තුවල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි මිහින්තලය පොලිසිය සඳහන් කළේ.
