දෙණියාය ප්‍රදේශයේ දිය නෑමට ගිය සිව්දෙනෙකු අතුරුදන්

දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ දොළක දිය නෑමට ගිය සිව්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

පොලිසිය පැවසුවේ නුගේගොඩ ප්‍රදේශයේ සිට ගිය 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බෙවරලිය ප්‍රදේශයේ දොළක දියනාමින් සිටි අවස්ථාවේ ඒ අතරින් සිව්දෙනෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවය.

අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *