සිංහරාසිංහරාජ අඩවිය කොට්ටව රක්ෂිතය සහ ගිංගඟ කේන්ද්‍රකරගනිමින් සිදුකරනු ලබන සංරක්ෂණ වැඩසටහන ගැන ප්‍රජා නායකයින් දැනුවත් කිරීමක් – දමිත් සඳනුවන් කීර්ති

සිංහරාජ අඩවිය කොට්ටව රක්ෂිතය සහ ගිංගඟ කේන්ද්‍රකරගනිමින් සිදුකරනු ලබන සංරක්ෂණ වැඩසටහන ගැන ප්‍රජා නායකයින් දැනුවත් කිරීමක්.

ලෝක උරුම සිහංරාජ වනාන්තරය කොට්ටව රක්ෂිතය සහ ගිංගඟ ආශ්‍රිතව සිදුකරනු ලබන ප්ලාස්ටික් සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රිකරණය වැඩසටහන ගැන යක්කලමුල්ල ප්‍රදේශයේ ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් (30දා) යක්කලමුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී සිදුවිය.

මෙහිදී මෙම සංවේදී පරිසර පද්ධති සහ ග්‍රාමීය මට්ටමෙන් එකතු වන ප්ලාස්ටික් සහ නොදිරන කසළ ඇතුළු අපද්‍රව්‍ය නිසි ක්‍රමවේදයක් සහිතව එකතු කිරීම සහ ප්‍රතිචක්‍රිකරණය කරන ආකාරය සහ ⁣දැනට අක්‍රමවත් ලෙස ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා සිදුවන හානිය සහ ඉදිරියේදී මෙම ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය නිසි පරිදි ග්‍රාමීය මට්ටමෙන් එකතු කළ ඉන් ආදායමක් උපයන ආකාරය සහ මෙම වැඩසටහන ග්‍රාමීය මට්ටමෙන් සිදුකිරීම සඳහා ප්‍රජා නායකයන් පත්කළ ගැනීම සිදුවිය .

මෙම අවස්ථාවට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද කාරියවසම් මහතා,යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් වීණා රසාංජලී මෙනවිය,පරිසර අමාත්‍යාංශයේ උපුල් ප්‍රේමලාල්, චාමර යන මහත්වරුන්,නෙප්චූන් කසළ ප්‍රතිචක්‍රිකරණ ආයතනයේ නිලධාරීන් , මධ්‍යම පරිසර අධිකාරියේ නි, හෙල්ප් – ඕ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී චතුර වැලිවිටිය මහතා,රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රජා නායකයින් පිරිසක් එක්ව සිටියහ.

මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ බාසල් සම්මුති ලේකම් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහය යටතේ හෙල්ප් -ඕ ආයතනය සහ පරිසර අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed