පියයුරු පිළිකා ගැන දැනුවත් කරන්න ඉමදූවදී පාගමනක් – දමිත් සදනුවන් කීර්ති
පියයුරු පිළිකා ගැන ප්රජාව දැනුවත් කිරීමේ පාගමනක් (28දා) මෙසේ ඉමදූව නගරයේදි පැවැත්විණි .
මෙම පාගමන වාර්ෂිකව ඉමදූව ප්රාදේශීය රෝහලේ මූලිකත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී ඉමදූව ප්රාදේශීය රෝහලෙන් ආරම්භ කරන මෙම පාගමන ඉමදූව නගරය හරහා ගොස් නැවත ඉමදූව ප්රාදේශීය රෝහලට පැමිණ අවසන් කරයි.
මෙම අවස්ථාවට ඉමදූව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති අලවත්ත මහතා,ප්රජා පොලිස් නිලධාරී භාග්යා මහත්මිය ඉමදූව ප්රාදේශීය රෝහලේ හිටපු දිස්ත්රික් වෛද්ය නිලධාරී jayalath mahatha , වෛද්ය ගුණරත්න මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙම පාගමන ඉමදූව ප්රාදේශීය රෝහලේ දිස්ත්රික් සෞඛ්ය වෛද්ය නිලධාරී චතුරිකා මධුවන්ති මහත්මියගේ මගපෙන්වීම යටතේ රෝහල් කාර්ය මණ්ඩලය,රෝහලේ සුව සේව කමිටුව ඇතුළු පිරිස විසින් සංවිධානය කළ තිබිණි.
