මුන්නේශ්වරම් ඊශ්වර දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දිය කැපීම අද – ප්‍රසාද් පූර්ණමාල්

 

හලාවත මුන්නේශ්වරම් ඓතිහාසික ඊශ්වර දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දිය කැපීමේ චාරිත්‍රය අද  (27) හලාවත දැදුරු ඔයේදී උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

අද  පෙරවරුවේ මුන්නේශ්වරම දේවස්ථානයේ පැවති ආගමික චාරිත්‍ර වලින් අනතුරුව පෙරහරකින් හලාවත නගරය පසුකර දැදුරු ඔයට පැමිණ මේ චාරිත්‍රය සිදු කැරිණි .

වාර්ෂික මංගල්‍යයේ අවසන් ප්‍රධාන චාරිත්‍රයක් ලෙස පැවැත්වෙන මෙම දිය කැපීමේ අවස්ථාව සඳහා බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ. ආගමික චාරිත්‍ර හා වතාවත්වලට අනුව සිදු කෙරුණු දිය කැපීමේ මංගල්‍යය, මුන්නේශ්වරම් ඊශ්වර දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ විශේෂ හා අතිශය වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් දේවස්ථානයේ පැවති ආගමික කටයුතු සඳහා ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *