වඳුරඹට කසිප්පු බෙදන මැද කීඹියේ වානා මහා පරිමාණ කසිප්පු සහ ගෝඩා තොගයක් සමඟ අත්අඩංගුවට – දමිත් සඳනුවන් කීර්ති
දමිත් සඳනුවන් කීර්ති
වඳුරඹ පොලිස් බලප්‍රදේශයේ උග්ගල්පොත්ත පිටිහරාව මැද කීඹිය ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුකළ නීතිවිරෝධි කසිප්පු, කසිප්පු නිෂ්පාදනයට යොදාගන්න ගෝඩා තොගයක් සහ කසිප්පු නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ තොගයක් සමඟ (19දා) සැකකරුවෙක් අත්අඩංගුවට ගත්බව වඳුරඹ පොලිස් ස්ථානය කියයි.
වඳුරඹ පොලිස් ස්ථානයේ කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ ඇති අතර එහිදී කසිප්පු මිලි ලීටර් 18750ක් කසිප්පු නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 285000ක් සමඟ කසිප්පු නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වානා යන අනුවර්ත නාමයෙන් හඳුන්වන මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ වලින් පසුව බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතව තිබිණි .
මෙම මෙහෙයුම වඳුරඹ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන හේවගේ,කොට්ඨාස බුද්ධි නිලධාරී පොලිස් සැරයන් අජිත් (37049)අමරවර්ධන (52208)ලීලාරත්න (30744)පොලිස් කොස්තාපල් 103206)සලිත් යන නිලධාරීන් සම්බන්ධ වී ඇත.
