තීරුබදු නොගෙවූ දුම්වැටි තොගයක් ළඟ තබාගත් කාන්තාවට රුපියල් ලක්ෂයක දඬයක් – දමිත් සඳනුවන් කීර්ති

යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශයේ උඩුමලගල මාර්ගයේ තීරුබදු නොගෙවා දුම්වැටි 220ක් පමණ ලඟ තබාගත් කාන්තාවක් ගෙන වැඩිදුර පරීක්ෂක වලින් පසුව (18දා)ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව රුපියල් ලක්ෂයක දඬ මුදලක් මත සැකකාර කාන්තාව මුදාහැරිය බව යක්කලමුල්ල පොලිස් ස්ථානය කියයි.

යක්කලමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ⁣මෙම වැටලීම සිදුකළ ඇති අතර එහිදී මෙම සැකකාර කාන්තාවගේ නිවසේ සඟවා තිබියේදී මෙම දුම්වැටි තොගය පොලිස් භාරයට ගෙන ඇත.

මෙම දුම්වැටි තොගය සමඟ වයස අවුරුදු 38ක් පමණ වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ⁣වැඩිදුර පරීක්ෂණ වලින් පසුව ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ තිබිණි.

මෙම වැටලීම යක්කලමුල්ල යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතා,පොලිස් සැරයන්වරුන් වන සිතාර(72955)පොලිස් කොස්තාපල්වරුන් වන දිනේෂ් (79240)වීමංස (103401)කාන්තා පොලිස් කොස්තාපල් මදුෂානි (9268) සිවිල් ආරක්ෂක නිලධාරී කුමාර යන නිලධාරීන් විසින් සිදුකළ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed