බස් රථයෙන් ඇද වැඩී කාන්තාවක් මරුට – දමිත් සඳනුවන් කීර්ති

යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශයේ වල්පොළ වාඩියවත්ත ප්‍රදේශයේදී (17දා) යක්කලමුල්ල සිට අහංගම දක්වා ධාවනය වූ බස් රථයකින් වාඩියවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් එම බස් රථයෙන් ඇද වැඩී මරණයට පත්ව ඇති බව යක්කලමුල්ල පොලිස් ස්ථානය කියයි.

මෙම අනතුර සිදුවූ දින මෙම කාන්තාව මෙම බස් රථයේ ගමන් කරමින් වල්පොළ වාඩියවත්ත ප්‍රදේශයේදී බසයෙන් බැසීම සඳහා පා පුවරුවට බැස ඇති අතර එහිදී බස් රථය ඉදිරි වංගුව ගැනීමේදී මෙසේ බස් රථයෙන් ඇද වැටී තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටියේදී මෙම කාන්තාව මරණයට පත්ව ඇති අතර මෙම අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ ඉමදූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක් පමණ කාන්තාවකි.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන අද දින ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම අනතුර සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත රථ වාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *