“සුවපත් පවුල”දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාකාරකම් හා දෙමාපියභාවය , මානසික යහපවැත්ම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන – ඩී.එස්.කීර්ති.
“සුවපත් පවුල”දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාකාරකම් හා දෙමාපියභාවය , මානසික යහපවැත්ම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ව්සින් සංව්ධානය කරන ලද “සුවපත් පවුල”දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාකාරකම් හා දෙමාපියභාවය , මානසික යහපවැත්ම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන (06දා) ඉදුරැපත්ව්ල ව්ද්‍යාන්න්ද ව්ද්‍යාතන පිරිවෙන් පරිශ්‍රයේදී පවත්වන ලදී.
වදුරඹ ප්‍රාදේශීය ලේකම් එස්. ඒ. එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි , සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.එල් අරුණි ප්‍රබෝධා මෙනවියගේ මගපෙන්වීමෙන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී අනූෂා කුමාරි හේවාගම මහත්මිය ව්සින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.
වැඩසටහන සදහා සම්පත්දායකත්වය කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උපදේශන නිලධාරී පියුම් ජයවර්ධන මහත්මිය සහ වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උපදේශන නිලධාරී වජිරා කුමාරි මහත්මිය ව්සින් ලබා දෙන ලදී.
මෙහිදී දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාකාරකම් සංවර්ධන කර ගැනීමට දෙමාපියන් හා වැඩිහිටියන්ගේ නිවැරදි දායකත්වය ලබා දෙන ආකාරය , මානසික යහපවැත්ම පවත්වාගෙන යාමේ වැදගත්කම හා ඒ තුලින් දරුවන්ගේ මානසික නිරෝගීතාවය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබද දෙමාපියන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම උපදේශන නිලධාරී පියුම් ජයවර්ධන මහත්මිය ව්සින් සිදු කරන ලදී.
දෙමාපියභාවය පිළිබද පැහැදිලි කිරීම හා පූර්ව ළමාවිය සංවර්ධනය සදහා පවුල් ඒකකයේ කාර්‍යා භාරය පිළිබද දෙමාපියන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම උපදේශන නිලධාරී වජිරා කුමාරි මහත්මිය ව්සින් සිදු කරන ලදී.
ළමා ලේකම් කාර්‍යාලයේ ප්‍රතිපාදන මත පවත්වන ලද මෙම වැඩසටහන සංගීත හා රංග චිකිත්සාත්මක ක්‍රියාකාරකම් සහිතව පෙරපාසල් දරුවන්ගේ දෙමාපියන් හා පවුල් ඒකකයේ වැඩිහිටියන්ගේ ධාරිතා සංවර්ධනය සදහා පවත්වන ලදී.
