පසු අස්වනු තාක්ෂණය පිළිබද පුහුණු වැඩසටහන – ඩී.එස්.කීර්ති

වදුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංව්ධානය කරන ලද පසු අස්වනු තාක්ෂණය පිළිබද ග්‍රාම සංවර්ධන සම්ති සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන (04දා) වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්ලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

වදුරඹ ප්‍රාදේශීය ලේකම් එස්. ඒ .එම් නස්ලි මහතාගේ උපදෙස් පරිදි . නියෝජ්‍ය අධ්‍යක්ෂ ( ක්‍රමසම්පාදන) සෙව්වන්දි එන් රණවිර මහත්මියගේ මගපෙන්වීමෙන් ග්‍රාම සංවර්ධන නිලධාරී ව්ජානි ජාගොඩ මහත්මිය ව්සින් වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

මේ සඳහා සම්පත්දායකත්වය ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණය ආයතනයේ දකුණු පළාත් උපදේශක සම්පත් සේනානයක මහතා විසින් දක්වන ලද අතර ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතන හා සම්බන්ධීකරණය ඉහළ ලේල්වල ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු ලේකම් ඉන්දු අමරසිංහ මහත්මිය ව්සින් සිදු කරන ලදී.

මේ අවස්ථාව සඳහා වඳුරඹ ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලයේ සභාපති විමලසේන ලියනගේ මහතා, ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයේ ලේකම් භද්‍රා හේවා පුවක්දණ්ඩාව මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *