දකුණු කොරියානු වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් හබරාදූවේදී වෛද්‍ය කඳවුරක් පවත්වයි. – ඩී.එස්.කීර්ති

දකුණු කොරියානු වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් හබරාදූවේදී වෛද්‍ය කඳවුරක් පවත්වයි.

දකුණු කොරියාවේ සිට පැමිණි දකුණු කොරියානු වෛද්‍යවරුන් විස්සක කණ්ඩායමක් විසින් පවත්වන ලද වෛද්‍ය කඳවුරක් (01දා) මෙසේ හබරාදූව නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී පැමිණ සිටී ප්‍රදේශවාසීන්ගේ රෝගී පරීක්ෂාව සහ බෙහෙත් ලබාදීම සිදුවූ අතර මෙසේ පැමිණි දකුණු කොරියානු වෛද්‍ය කණ්ඩායම විසින් අවශ්‍ය බෙහෙත්,ශල්‍ය උපකරණ ඇතුළු සියලුම අවශ්‍ය එරට සිට රැගෙන විත් රෝගී පරීක්ෂාව සහ අදාළ බෙහෙත් ලබාදීම සිදුවූ අතර මෙම වෛද්‍ය කඳවුර සඳහා ප්‍රදේශවාසීන් අටසියකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම වෛද්‍ය කඳවුර ජාත්‍යන්තර සිංහ සමාජයේ සහ කතෝලික සභාවේද සහයෝගය ලැබී තිබූ අතර මෙම සංවිධානය කළ තිබුණේ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය වොරන්ජන් ජයසුන්දර මහතා විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *