“අද බන්ධනාගාරයට යෑම” මූදු රැකියාවට යනවට වඩා භයානකයි – නීතිඥ සේනක පෙරේරා

“වර්ථමානයේ දී කෙනෙකුට බන්ධනාගාරයට යන්නට සිදුවුනොත්, ආපසු ගෙදර එන්න පුලුවන්ද කියන බලාපොරොත්තුව කෙමෙන් වියැකි යන බව නිරීක්‍ෂණය වන බවත් සමස්ත බන්ධනාගාර පද්ධතියම ගැටලුවලින් පිපිරෙමින් පවතින බැවින් , ජනප්‍රීය වැඩකරමින් නොසිට ප්‍රශ්නය නිසිලෙස හඳුනාගෙන ඊට නිසි විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව” සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා අද උදෑසන පැවතී මාධ්‍ය හමුවෙිදී ප්‍රකාශ කළේය.

පහුගිය කාලය පුරාවට ම “සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව” වශයෙන් ඔවුන් දිගින් දිගටම බන්ධනාගාර බළධාරීන්ට , ඇමතිවරුන්ට , ජනාධිපතිවරුන්ට  බන්ධනාගාරවල පවතින තදබදය පිළිබඳව සහ එය විශාල විනාශයකට හේතුවක් වන බව පැහැදිළිව දන්වා තිබුණ ද, ඊට සවන් දීමක් සිදුවූයේ නැති බවත්, මෙි අවස්ථාවෙිදීත් බන්ධනාගාරයේ ඇත්ත තොරතුරු ලබා නොදීම, සිද්ධීියේ සැබෑ කරුණු සගවන්නට උත්සාහා දැරීමක් සිදුවෙන බව “සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ” සභාපති නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුණි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් 991 දෙනෙක්ට පමණක් ඉඩ ඇති නමුත් ඊයේ මෙම සිද්ධිය වනවිට රැඳවියන් 4447 දෙනෙක් සිට ඇති අතර, එම තත්ත්වය ම මෙවැනි කලබලකාරි , ගැටුම්කාරි තත්ත්වයන් උද්ගත වන්නට පසුබිම වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

රැඳවියන් සම්බන්ධකර ගනිමින් නොයෙකුත් ජාවාරම් වල නිරතවන බන්ධනාගාර නිළධාරීන් ද සිටින බව ප්‍රකාශ කළ සේනක පෙරේරා, එම හේතුවද මෙම විනාශය ඇතිවීමට හේතූවී ඇති බවට ඔවුන්ට තොරතුරු ලැබී ඇතැයි කීවේය.

“රැඳවියන් 4447 දෙනෙකුට ජීවත්වීමට දැනට තිබෙන පහසුකම් කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට අවශ්‍ය ඖෂධ වර්ග නැහැ. ප්‍රමාණවත් වාට්ටු පහසුකම් නැහැ. අනෙකුත් සුබසාධන පහසුකම් නැහැ. මේ සියල්ල ප්‍රමාණවත්ව තියෙන්නේ රැඳවියන් නවසිය ගණනට පමණයි.”

“බොහෝ අඩුපාඩු සහිතව බන්ධනාගාරයේ පවතින පසුබිම තුළ, කෑම ගැනිමෙන් පසුව යෑමට වැසිකිලි නොමැති හෙයින් තමන්ගේ නිවෙස්වලින් කෑම රැගෙන නොඑන ලෙසට රැඳවියන් දන්වා ඇති අතර අවශ්‍ය තරම් පානීය ජලය නොමැති බැවින් ජලය රැගෙන එන ලෙසට පමණක් තම ඥාතීන්ට දන්වා ඇතැයි රැඳවියන් කී බව නීතිඥ සේනක පෙරේරා පැහැදිළි කළේය.

“සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව” වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව, “ඊයේ දහවල් 1.00 සිට මෙම සිදුවීම ආරම්භ වී තිබෙනවා. නමුත් මේ තත්ත්වය වළක්වාගන්නට සාධාරණ උත්සාහයක් ගත්තාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ තියෙනවා.”

මන්ද,  “උඹලා මරාගනිල්ලා කියමින් නිළධාරීන් එළියට පැමිණි බවටත් අට තොරතුරක් ලැබී තිබෙනවා. එසේ සිදුවූ වා නම් එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් විධියට අපි දකිනවා. ඒ වගේම එම නිළධාරීන් විසින් ඇතුලත සිදුවන තත්ත්වය පාලනය කිරීමට නොව, පිටත සිටින රැඳවියන්ගේ ඥාතීන්ව පාලනය කිරීමත් , ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් වළකාලීමටත් තමයි  උත්සාහා ගෙන ඇත්තේ යැයි අපිට වාර්තා වෙලා තියෙනවා.” යැයි වැඩිදුරටත් කීවේය.

  • මෙලනි මානෙල් පෙර‌ේරා
END/MMP/02082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *