සීනි අඩංගු ද්‍රව ආහාර සඳහා වර්ණ කේත ලේබල් නීති සංශෝධනයට අති විශේෂ ගැසට් පත්‍රයක්!

සීනි අඩංගු ද්‍රව ආහාර සඳහා වර්ණ කේත ලේබල් කිරීම සම්බන්ධ නීති සංශෝධනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

නව සංශෝධන අනුව, සීනි අඩංගු ද්‍රව ආහාර ඇසුරුම් මත ප්‍රදර්ශනය කළ යුතු රතු, ඇම්බර් සහ කොළ වර්ණ ලේබල්වල සැලසුම සහ ප්‍රදර්ශන ක්‍රමය යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව සංශෝධිත නීති යටතේ, මිලිලීටර 100 ක සීනි ග්‍රෑම් 8 ට වැඩි පානයන් රතු ලේබලයෙන්ද, ග්‍රෑම් 2.5–8.0 අතර අඩංගු පානයන් ඇම්බර් ලේබලයෙන්ද, ග්‍රෑම් 2.5ට අඩු පානයන් කොළ ලේබලයෙන්ද සලකුණු කළ යුතු වේ.

1980 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තිය යටතේ මෙම සංශෝධන නිකුත් කර ඇති අතර, එය ජූනි 23 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

තවද ඇසුරුම් මත මුද්‍රණය සඳහා ඉඩ සීමිත වීදුරු බෝතල් සඳහා භාවිත කළ හැකි විකල්ප ලේබලයක්ද මෙම නව නීති මගින් හඳුන්වා දී තිබේ.

එමෙන්ම, “ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට ආහාර නිෂ්පාදන” (Business to Business) සඳහා නව නිර්වචනයක්ද ඇතුළත් කර ඇති අතර, එම නිෂ්පාදන පාරිභෝගිකයන්ට සෘජුව විකිණීම සඳහා නොව පසු සැකසීම, නිෂ්පාදනය හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිතා වන ආහාර ලෙස අර්ථ දක්වා ඇත.

-MMP/GONP/04072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *