සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අද සිසු අයිතියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨය අද (04) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පවරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජ්‍යයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රදානයන් යටතේ ඉදිකර ඇති මෙම වෛද්‍ය පීඨය රත්නපුර නව නගරය ආශ්‍රිත අක්කර 20ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත. මෙම වර්ෂය සඳහා වෛද්‍ය සිසුන් 162 දෙනෙකු ඇතුළත් කර ඇති අතර, මේ වන විට එහි වෛද්‍ය සිසුන් 750 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබති.

වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1,096ක් වෙන්කර ඇති අතර, සෞදි අරාබි රාජ්‍යය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මූල්‍ය දායකත්වයක් ලබාදී ඇත. නව වෛද්‍ය පීඨ සංකීර්ණය තුළ සිසුන් 500 දෙනෙකුට එකවර නේවාසික පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාරයක් සහ සිසුන් 1,060 දෙනෙකුට එකවර අසුන් ගත හැකි ශ්‍රවණාගාරයක් ද ඉදිකර තිබේ.

-MMP/04072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *