කළුතර සහ ගාල්ලේ තැන් කිහිපයකට අද ජල කප්පාදුවක්
කළුතර අවට ප්‍රදේශ කිහිපයකට සහ ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (10) දිනය තුළ ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහා අද උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක් ජල සැපයුම අත්හිටුවනු ඇත.
ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවය.
මේ අතර ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අද දිනයේදී පැය 14ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවය.
ඒ අනුව අද දින උදෑසන 9.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 14ක ජල කප්පාදුවක් එම මහ නගර සභා බලප්‍රදේශය වෙත සිදුවනු ඇති බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
