IMF ශ්‍රී ලංකා නේවාසික නියෝජිතවරිය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වොල්ඩෙමයිකල් මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (03) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ IMF සහයෝගීතාව සම්බන්ධ කරුණු පිළිබඳ අවධානය යොමු ව ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ක්‍රියාත්මක කර ඇති විස්තීරණ ණය වැඩසටහනේ 5 වැනි සහ 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන් කිිරීමෙන් අනතුරුව එහි 6 වැනි සහ 7 වැනි වාරික මහා භාණ්ඩාගාරය වෙත ලැබී ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ අනුව, වාරික දෙකට අදාළව අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවත්, එය මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඉහළ නැංවිමට උපකාරී වෙමින් තාවකාලිකව සිදුවූ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව විවිධ පාර්ශව එල්ල කළ පදනම් විරහිත චෝදනාවලට පිළිතුරක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *