ඇඹිලිපිටිය ඇඟලුම් කම්හලේ ඇතිවූ ගින්නේ දුම් ආඝ්‍රාණය වී 19ක් රෝහලට – ජයන්ත නානායක්කාර

ඇඹිලිපිටිය නගරය ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද උදෑසන ඇතිවූ ගින්නේ දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අද උදෑසන 7ට පමණ ඇඹිලිපිටිය නගරයේ ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළින් දුමාරයක් පිටවන බවට ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

එහිදී අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව හඳුනාගැනීමත් සමග එහි සිටි සේවක පිරිස් කඩිනමින් මුදා ගැනීමට කටයුතු කළා.

ඇඹිලිපිටිය නගර සභාවේ ගිනි නිවීමේ රථයක්, සෙවනගල සීනී කර්මාන්ත ශාලාවේ සහ ඇඹිලිපිටිය යුධ හමුදා කඳවුරේ ජල බවුසර් යොදා ගත් බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.

මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර, ගින්නට හේතුව සොයා ඉදිරි පරික්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *