ප්‍රදේශ කීපයකට අදත් වැසි – සචිනි සිරිවර්ධන

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැහි තත්ත්වයේ තරමක වැඩිවීමක් සමඟ හෙට දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර ,සබරගමුව ,සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව මෙම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කරුණු සඳහන් කර තිබෙනවා. ඌව පළාතෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් වලටත් සවස් කාලයේ හෝරාත්‍රි කාලයේ ස්ථාන ස්වල්පයක වැසි මෙන්ම ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකි බව තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලටත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ සුළං ඇතිවිය හැකිය.