නැටුමට කල යෝජනාව මරණයකින් අවසන් – පානදුර වාර්තාකරු

 

 

බක් මහා උළෙලක් තරුණයෙකු මරණයට පත් කරමින් අවසන් වීමේ පුවතක් පානදුර පරත්ත ප්‍රදේශයේන් වාර්තා වෙයි .

මියගිය තරුණයා තමන් සමග නර්තනයක නිරත වන ලෙස කාන්තාවකගෙන් ඉල්ලා ඇති අතර එහිදී එම කාන්තාවගේ පුත්‍රයා
තියුණු ආයුධයකින් මේ තරුණයට පහර දී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව අප වාර්තා කරු පැවසිය

බක්මහා උළෙල අවසානයේ සංගීත සංදර්ශනයක් පවත්වා ඇති අතර එහිදී මේ සිදුවීම සිදුව තිබේ .

පානදුර, පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි තරුණයකු මෙසේ ඝාතනයට ලක්ව ඇත .

පානදුර ප්‍රාදේශීය සභාවේ රිවිදෙව්ගම අත්පන්දු ක්‍රීඩා පිටියේදී බක්මහ උළෙල සහ ඩී ජේ සංගීත ප්‍රසංගය පවත්වා තිබේ.

 

පහරදීම සිදුකල තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් තියුණු ආයුධයද පොලිස් භාරයට ගෙන ඇති බව උසස් පොලිස් පැවසිය .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *