විද්‍යුත් සිගරට් මුහුණු පොතෙන් විකුණලා (මහනුවර වර්තාකරු )
මෙරට අළෙවිය සඳහා අවසර නොමැති විද්‍යුත් සිගරට් මුහුණු පොත ඔස්සේ ප්‍රචලිත කරමින් අළෙවි කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු ගම්පොළ සුරාබදු ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විද්‍යුත් සිගරට් 30 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට,මඩවල හා මහනුවර දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
විද්‍යුත් දුම්වැටි අළෙවි කිරීමට ඇති බවට මුහුණු පොතේ පළකර තිබෙන දැන්වීම් ඔස්සේ පරීක්ෂණ සිදුකර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්ව ඇත.
සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ,මහනුවර සුරාබදු අධිකාරී නාලක මලවිපතිරණ යන මහත්වරුන් ගේ උපදෙස් මත ගම්පොළ සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ.ජී ගුණතිලක,සුරාබදු කෝප්‍රල් සුබෝධ හේරත්,සුරාබදු නියාමක ප්‍රභාත් සමරතුංග යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගයින් තිදෙනා සතුව පිළිවෙළින් විද්‍යුත් දුම්වැටි 09 ක් 16 ක් හා 05 ක් තිබූ බව වැටලීම සිදුකළ නිලධාරීන් පැවසූහ.
මෙම එක් විද්‍යුත් දුම්වැටියක් රුපියල් 7500 කට අළෙවි කරන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
විද්‍යුත් දුම්වැටි මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති බවත් විදේශ රටවල සිට පැමිණෙන අවස්ථාවේ ඇතැම් පුද්ගලයින් ඉතා සූක්ෂම ලෙස වෙනත් භාණ්ඩ අතර සඟවා මෙම දුම්වැටි මෙරටට රැගෙන එන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
විද්‍යුත් දුම්වැටි විකිණීම සහ විකිණීමට ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ මහනුවර අධිකරණයට ඉදිරිපත් කරන ලද අදාළ පුද්ගලයින් තිදෙනාට එක් අයෙකුට රුපියල් 4000 බැගින් රුපියල් 12000 ක දඩයක් මහේස්ත්‍රාත්වරයා විසින් නියමු කරනු ලැබ තිබේ.