අධිකරණයේදී දරුවන්ගෙන් සාක්ෂි ගැනීමට නව ක්‍රමවේදයක්

අධිකරණයේ විභාගවන නඩු කටයුතු වලදී දරුවන්ගෙන් සාක්ෂි ළබා ගැනීමේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීමේ හැකියාව අපරාධ නීති විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය අනුව සකස් කර ඇති අතර එම ක්‍රියාවලිය පිළිබඳ ද විනිසුරුවරුන් දැනුවත් කිරීම් සිදුකර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියොජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී පැවති අවස්ථාවේ දීය.

ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු සඳහා වීඩියෝ තාක්ෂණ ඔස්සේ ළමුන්ට සාක්ෂි ලබාදීමේ පහසුකම්, ළමා සහ යෞවන ආඥා පනත, ළමුන් සම්බන්ධයෙන් පවතින නඩු කඩිනම් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා හිංසනය පිළිබඳ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත Dr. Najat Maalla M’jid, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත Emma Brigham මහත්මිය, යුනිසෙෆ් සංවිධානයේ ළමා ආරක්ෂණ විශේෂඥ වෛද්‍ය හේමමාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *